page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / ශිරන්ති රජපක්ෂ වෙනුවෙන් කුලියට අඩන්න මිනිස්සු ඇදපු බස් ටික මෙන්න – වීඩියෝ.

ශිරන්ති රජපක්ෂ වෙනුවෙන් කුලියට අඩන්න මිනිස්සු ඇදපු බස් ටික මෙන්න – වීඩියෝ.

රතුකුරුස සංවිධානය විසින් සිරිලිය සවිය වැඩසටහන සදහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක   පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ති රාජපක්ෂ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) පැය දෙක හමාරක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

කෙසේ වෙතත් මෙම සිදුවීමේ හාස්‍ය ජනක ජවනිකාව වනුයේ රාජපක්ෂ වරුන්ගේ වියැකී යන ජන බලය පෙන්වීමට බොරු පුහු මවා පෑමක් කරන්නට සිදුකල ඔවුන්ගේ සැලසුමයි…එනම් කුලියට අඬන කුලීකරුවන් ගෙන්වා නීතියට බාධා කිරීමට දරන ප්‍රයත්නයයි. මෙය කිහිප විටකදී අප මිට පෙරත් දැක තිබේ…

කුරුණෑගල වැනි ඈත දුර ප්‍රදේශවලින් පවා සෙනග ගෙනවිත් මොවුන් සිදුකරන මෙම විහිළුවේ අරමුණ කුමක්ද? තමන්ට විරුද්ධව චෝදනාවක් ඇත්නම් ඕනෑම කෙනෙක් සිදුකල යුත්තේ ඒ පිළිබඳව කටඋත්තරයක් ලබා දී තමන් නිවැරදිනම් නිතිය ඉදිරියේ එය ඔප්පු කිරීමයි. බොරුවට මුදල් දී බස් පුරවමින් ජනතාව ගෙන්වා තමන්ගේ ගෝත්‍රික හෙන්චයියන් ලවා බොරු මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ සහ ඔවුන් සමග ජනතාව සිටින බව පෙන්වමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉදිරිපිට ෂෝ දමන්නේ ඔවුන්ට තමන්ගේ නිවැරදිබව පෙන්වීමට නොහැකි බව නිසා දැයි අපට ජනතාව ලෙස සැක මතුවීම අසාධාරණද???

රට වටෙන් කුලියට ගෙනා බස් රථවල වීඩියෝව පහතින්…

ශිරන්තිට කුලියට අඬන්න බස් පුරෝලා සෙනග ගෙනත් – බස් පෙළක වීඩියෝව එලියට!

Posted by CT Videos on Tuesday, August 15, 2017

-colombotribune

Check Also

මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි – ඉදිරිය තීරණාත්මකි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකැරෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!