page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Off road / විවාහ පොරොන්දු දී තරුණියන් කොල්ලකෑ රත්නපුරේ ෆේස්බුක් අනංගයා දැලේ

විවාහ පොරොන්දු දී තරුණියන් කොල්ලකෑ රත්නපුරේ ෆේස්බුක් අනංගයා දැලේ

ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ මිතුරු කරගන්නා තරුණියන් විවාහ කරගන්නා බවට පොරොන්දු වී එම තරුණියන් මුන ගැසී ඔවුන් සන්තකයේ ඇති වටිනා දේපළ කොල්ල කා සැගවී සිටි සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාණ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු අත්තඩංගුවට ගතහ.

මෙලෙස අත්තඩංගුවට පත් වූයේ රත්නපුරු නිවිතිගල ප්‍රදේශයේ 33 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු පාදුක්ක, කළුතර, දෙහිවල ඇතුළු විවිධ ප්‍රදේශයන්හි කාන්තාවන් මුලාකර මෙලෙස කොල්ල කා පලාගොස් අවිස්සාවේල්ල, සීතාවක විද්‍යාල මාවතේ සැගවී සිටියදී මෙලෙස පොලිස් අත්තඩංගුවට පත්වී තිබේ.

මෙම සැකකරු මිතුරු කර ගන්නා තරුණියන් මුණ ගැසී තම යතුරුපැදීයේ නංවාගෙන ගොස් ඇය සතු රන්භාණ්ඩ සහ මුදල් කොල්ල කා ඇති බවට ආනාවරණය වී ඇත.

අත්තඩංගුවට පත් සැකකරු සතුව තිබී කොල්ල කෑ භාණ්ඩ සමග කොල්ල කෑමට උපයොගී කරගත් යතුරුපැදිය පොලිස් අත්තඩංගුවට පත් වී තිබිණි. මේ සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාණ මෙහෙයුම් කොට්ඨාශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශනය කෙරේ..

Check Also

දඹුල්ල මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීගේ වත්තෙන් දෙබිඩි පොල් හමුවෙයි

දඹුල්ල පොහොරන්වැව ප්‍රදේශයේ ගෙවත්තකින් කඩාගත් පොල් ගෙඩියක් පලා බලද්දී ඇතුළත තවත් පොල් ගෙඩියක් හමුවී තිබේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!