page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / කොටුවේ බෝම්බ ගැහුවත් භාවනා කරලා හරියනවා ද? – වීඩියෝ

කොටුවේ බෝම්බ ගැහුවත් භාවනා කරලා හරියනවා ද? – වීඩියෝ

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස් මූලස්ථානයේදී පුද්ගලයෙකුට පහර නොදුන් බවත් නමුත් ඔහුට තදින් දෝෂාරෝපණය කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මූලස්ථානයේදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කරන වීඩියෝව පිළිබඳව මේවන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළේය.

එහිදී පිළිතුරු ලබා දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ එම සිදුවීම අප්‍රේල් මාසයේ සිදුවූ සිදුවීමක් බවත් එහිදී එම පුද්ගලයාට පහරදීමක් සිදුකර නොමැති බවත් නමුත් ඔහුට බැන වැදීමක් සිදු කර ඇති බවත්ය.

අන්තර්ජාලයේ ඇති එම වීඩියෝවේ දැක්වෙන පරිදි කාන්තාවක් දූෂණය කරනවා යැයි නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් බවත් එසේම එම වීඩියෝව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවැති වීඩියෝවක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවැති වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වීම ගැටලුවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

සිද්ධියට මුහුණදුන් තැනැත්තා පොලිස් කොමිසමට හෝ වෙනත් නීතිමය ආයතනයකට මේවන විට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසුවේ පොලීසිය විනාඩි 15ක් භාවනා කිරීම ගැටලුවක් බවයි.

වීඩියෝව පහතින්..

පහරදුන් අවස්ථාවේ වීඩියෝව

Check Also

එක්සත් වෘත්තීයවේදීන් ඩිජිටල්කරණයේ පලමු පියවර තබයි

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය තම නිල වෙබ් අඩවිය www.upg.lk අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය සැප්තැම්බර් 29 වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!