page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / ඒකාබද්ධයේ 7ක් ආණ්ඩුවට

ඒකාබද්ධයේ 7ක් ආණ්ඩුවට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු හත් දෙනකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට දෙදරා ඇති බව සඳහන් කළ ශාන්ත බණ්ඩාර මහතා, ඒකාබද්ධ විපක්ෂයට නිසි දේශපාලන දැක්මක් හෝ නායකත්වයක් නොමැති වීමෙන් මෙම තත්ත්වයට පත් වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී කීය.

කිසිවෙකුට සදාකාලිකව පක්ෂයේ නායකත්වයේ රැඳී සිටි නොහැකි අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ද 2025 වනවිට පක්ෂයේ නායකත්වය වෙනත් අයෙකුට භාර දිය යුතු බවද ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය. ඉන්පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුශාසකත්වය දෙමින් කටයුතු කරනු ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද පක්ෂය බලා‍පොරොත්තු වූයේ එවැනි අනුශාසකත්වයකින් යුතු සහයෝගයක් බවත් බණ්ඩාර මහතා කීය.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!