page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / විජේදාස රාජපක්ෂට ඇමතිකම අහිමිවෙයි?

විජේදාස රාජපක්ෂට ඇමතිකම අහිමිවෙයි?

අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් නොවන මුත් ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම කෙරෙහි හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බොහෝ දුරට තීරණය වනු ඇතැයි එක්සත් පක්ෂ ආරංචි මාර්ග පවසයි.

පසුගිය රජය සමයේ පැවති ඇවන්ගාඩ් ගණුදෙනුව හා සම්බන්ධ බරපතල මූල්‍ය වංචාවකට අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති පසුබිමක ඔහු චීනයට විකුණු හම්බන්තොට වරාය නැවත ශ්‍රී ලංකාවට පවරා ගන්නවා වැනි ප්‍රකාශ මාධ්‍ය මගින් නිකුත් කරනුයේ සාමාන්‍ය ජනතාව අතර ව්‍යාජ වීරත්වයක් අරෝපණය කර ගැනීමට බව පැවසූ එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශකයෙකු කියා සිටියේ එමගින් ඔහු මේ වන විටත් එක්බද්ධ විපක්ෂයේ වීරයෙකු වී ඇති බවය.

හම්බන්තොට වරාය ගිවිසුම සම්පුර්ණය කියවීමේ අවකාශය හිමි කැබිනට් අමාත්‍ය වරයෙකු සේම නීතිඥවරයකුද වන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධය ඔස්සේ එය විකිණිමක් සේ හුව දක්වා ඇත්තේ හුදෙක් ආණ්ඩු විරෝධීන්ගේ ප්‍රසාදය තුළින් තම දේශපාලන අනාගතය තවදුරටත් ස්ථාවර කර ගැනීමට විය හැකි බවද ඔහු පැවසීය.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!