page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / අක්කර 100 කට හමුදාව දාලා ගංජා වවයි | සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙන්න කරන්න යන දේ

අක්කර 100 කට හමුදාව දාලා ගංජා වවයි | සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙන්න කරන්න යන දේ

දේශීය වෛද්‍යවරුන්ට අවශ්‍ය කංසා ලබාදීම සඳහා හමුදාව යොදවා අක්කර සියයක භූමිභාගයක කංසා වගා ව්‍යාපෘතියක් ඇරැඹීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව අමාත්‍යංශය සැලසුම් කරයි.

මෙරට දේශීය වෛද්‍ය ක්‍රමයට ඔෟෂධ නිපදවීම සඳහා කංසා හිඟයක් පවතින බවත් මේ ව්‍යාපෘතියෙන් ලැබෙන අස්වැන්නෙන් දේශීය අවශ්‍යතා සම්පූර්ණ කර අතිරික්තය විදේශ රටවලට අපනයනය කරන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍දොස්තර රාජිත සේනාරත්න කියයි.

දේශීය වෛද්‍ය ක්‍රමයට කංසා අවශ්‍ය වුවත් කංසා ඉරීම නිසා ගැටලු රාශියක් මතු වී ඇති බැවින් මේ ව්‍යාපෘතිය දැඩි ආරක්ෂක විධිවිධාන සහිතව ක්‍රියාත්මක කෙරේ.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!