page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / පුංචි ඡන්දය ජනවාරියේ – ගැසට්‌ පත්‍රය ඔක්‌තෝබරයේ

පුංචි ඡන්දය ජනවාරියේ – ගැසට්‌ පත්‍රය ඔක්‌තෝබරයේ

පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

පළාත් පාලන සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී එය ඔක්‌තෝබර් මාසයට පෙර සම්මත කිරීමට ආණ්‌ඩුව මේ වන විට අභ්‍යන්තර සාකච්ඡා පවත්වා තිබේ.

ඒ අනුව ඔක්‌තෝබර් මාසයේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් ජනවාරි මාසය තුළ ඡන්ද විමසීම සිදු කිරීමටත් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

දෙසැම්බර් මාසයේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හා රාජ්‍ය සේවක නිවාඩු රැසක්‌ පැවතීම හේතුවෙන් ජනවාරි මාසයේ මැතිවරණය පැවැත්වීමට රජය අපේක්‌ෂා කරන බවද වාර්තා වෙයි.

මේ අතර සියලුම දිස්‌ත්‍රික්‌ සහකාර මැතිවරණ කොමසාරිස්‌වරුන් විශේෂ සාකච්ඡාවක්‌ සඳහා මැතිවරණ කොමිසම විසින් අද (18 දා) කොළඹට කැඳවා තිබේ. පරිපාලන කටයුතු හා ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට්‌ නිවේදනය රජය විසින් ඔක්‌තෝබර් හෝ නොවැම්බර් මස ප්‍රකාශයට පත් කරන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති සහ මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ සඳහා පළාත් පාලන පනත සැප්තැම්බර් මස වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මැතිවරණයට අදාළ ගැසට්‌ නිවේදනය නිකුත් කළ පසු මැතිවරණ කොමසාරිස්‌වරයාට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කළ හැකි බවත් බොහෝ දුරට එය දෙසැම්බර් හෝ 2018 වසරේ ජනවාරි මස අතර දිනයක්‌ වනු ඇති බවත් තමා විශ්වාස කරන බවද මහින්ද අමරවීර ඇමැතිවරයා සඳහන් කළේය.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!