page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / බදු අඩුවීමත් සමග ඉන්දීය යතුරුපැදිවලට සිදුවනදේ මෙන්න

බදු අඩුවීමත් සමග ඉන්දීය යතුරුපැදිවලට සිදුවනදේ මෙන්න

රජය විසින් එන්ජින් ධාරිතාවය 150 ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පනවා තිබූ 90% ක බදු ඉවත් කිරීම සිදුකළත්, ඉන්දියාවෙන් ආනයනය කරන යතුරුපැදිවල මිල ගණන් වෙනස් නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ සදහන් කළේ මෙම බදු අඩු කිරීම තුළින් සිදුවන්නේ ජපානයේ නිෂ්පාදිත යතුරුපැදි ඉදිරියේදී මෙරටට විශාල ලෙස ආනයනය කිරීම පමණක් බවයි.

එංජින් ධාරිතාව අනුව මිල ගණන් නියම කරන අනුව ඉදිරියේ දී රුපියල් 50,000 සිට ලක්ෂය දක්වා යතුරුපැදි මිල ගණන් පහළ යන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා දැනට රුපියල් ලක්ෂ 10ක් ලෙස පැවති නිෂ්පාදිත බදු මුදල අද දින අත්සන් තබන ලද ගැසට් නිවේදනය අනුව රුපියල් ලක්ෂ 3 කින් අඩුවන බවත් ඒ අනුව එම වාහන සඳහා තිබු බදු මුදල රුපියල් ලක්ෂ 7 ක් පමණ වන බවත් අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.

මේ තත්වය යටතේ මෝටර් සයිකල්, සැහැල්ලු ලොරි රථ වල මිල සහ අන්තර්ජාල සේවා ගාස්තු සැලකිය යුතු ලෙස පහළ බසින බව වෙළඳ පොළ ආරංචි මාර්ග දන්වා සිටී.

සැවොම දැනුවත් කරන්න හැකිතාක් පහතින් ශෙයාර් කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!