page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / ආදරණීය යාළුවනේ, මේ අම්මාට වයස අව්‍ රුදු 18 යි.. මේ දෙදෙනාගේ ජීවිත වලට අපි හැකි පමණින් සරණක් වෙමු!

ආදරණීය යාළුවනේ, මේ අම්මාට වයස අව්‍ රුදු 18 යි.. මේ දෙදෙනාගේ ජීවිත වලට අපි හැකි පමණින් සරණක් වෙමු!

මේ ඡායාරූපයේ ඉන්න අම්මයි පුතයි කාගේවත් සරණක් නැතිව අසරණ වෙලා ඉන්න වෙලාවකයි මට හමුවෙන්නෙ.

ඇගේ නම මධුශානි. වයස අව්‍ රුදු 18 යි.කුඩාකාලය ගෙවිල තියෙන්නෙ අම්ම තාත්තගෙ රැකවරණයක් නැතිව.ඇගේ අම්මා , පියා අතහැර ගිහින් තියෙන්නෙ ඈ ලදරු වියේදීමයි. ඉන්පසුව , පියා කුඩම්මා කෙනෙක් ගෙනල්ලා. එයින් පස්සෙ කුඩා මධුශානි හැදීවැඩී තියෙන්නෙ ආච්චිගේ සෙවණේ. ඇය 10 වසර දක්වා ඉගෙන ගෙන තියෙනවා.ඔය අතරෙ මැයට මොණරාගල සිට කොළඹ පැමිණ කොන්ත්‍රාත් පදනම මත නිවාස පින්තාරු කිරීම රක්ශාව කරගත් (චතුර) තරුණයෙක් මුණගැහෙනවා. ඔහු හා ආදරෙන් බැදුණු ඇයට විවාහයක් නොවීම මේ දරුවා කුසට පිළිසිඳ ගන්නවා.

ඔය අතරේ චතුර මතට ඇබ්බැහි වෙනවා.ඔහු ඇයව නොසලකා හරින්නේ ගැබ්බර කාලයේදීම නිසා ඇය වයස 18 සම්පූර්ණ නොවූ තරුණියක් නිසාත්, පරිවාස භාරයට පත්වී අධිකරණ තීන්දුවකින් පසුව අනාථ දරුවන් සඳහා වූ නිවාසයකට භාරකරනව.

එහිදී ඇය මේ පුත් රුවන බිහිකරනවා.දරුවාට මාස 3 ක් වෙනකොට ඇය අධිකරණ අවසර ලබාගෙන දරුවාත් සමග ළමා නිවාසයෙන් එලියට එනවා. ඒ ඇවිත් ඈ නැවත චතුර සොයා යනවා. ඉන්පසු ටික දිනකින් ඇගේ ගිණුමේ ( කුඩා කාලයේ ආච්චි විසින් ඇය වෙනුවෙන් තැන්පත් කල මුදල්) මුදල් ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ මේ වනවිට ඇය අවුරුදු 18 පිරී ඇති නිසා. චතුරත් සමග ගිහින් මුදල් ලබාගෙන ඒ මුදල් වලින් කොටසකින් ඇගේ සිහිනයක්ව තිබූ ආශාවක් ඉටු කරගන්නේ රන් මාලයක් සහ අරුංගල් යුවලකුත් මිළදී ගැනීමෙන්. නිවසට පැමිණ පසුදින අවදිවී බලන විට මධුශානිට දැනගන්නට ලැබෙනවා චතුර රන් මාලයත් කරාබු ජෝඩුවත් රැගෙන අතුරුදහන් වී ඇති බව. ඉන් ඈ තවත් අසරණ වෙනවා.

ඉන්පසු ඇය දරුවාත් රැකබලා ගෙනම නිවසක රැකියාවක් සොයමින් සිටිනා අතර වාරයේයි මට මේ විස්තරය කියන්නෙ. මේ වනවිට ඇය දරුවා දරුකමට හදාගන්නට ඉල්ලා සිටින්නන්ගේ ගොදුරක් බවට පත්වෙමින් සිටින්නේ ඇඳුම් බෑගය සහ කුඩා පුතු පමණක් තමන් සන්තක එකම වස්තුව බවට පත්වී ඇති නිසයි. ඇගේ අභිප්‍රාය කෙසේහෝ දරුවා හදාවඩා ගැනීමයි.

ඇය ජීවත් වූ කාමරයද අද ඇයට අහිමිවී තියෙන්නේ මේ කිරිසප්පයා අඬන නිසාලු. තවත් තැනක් හොයාගන්නත් ඈ අතේ වත්කමක් නෑ.මේ නොදරුවා වැඩිහිටියන් කන මිරිස් සහිත කෑමත් මේ වෙනකොට අනුභව කරන්නට පුරුදුවී සිටින්නේ දුප්පත්කමේ සංඛේතයක් වග ඔප්පු කරමින් අපේ දෑසට කඳුලක් එක්කරමිනුයි. ඔහුට සෙල්ලම් බඩු , කොට්ට , මෙට්ට නෑ. අම්නා ලඟ දැවටීම පමණයි ඔහු ලබා උපන් එකම වාසනාව වී ඇත්තේ.
ඉතිං …. මේ දෙදෙනාගේ ජීවිත වලට අපි හැකි පමණින් සරණක් වෙමු! ඔබලාගේ රු 100/- ආධාරයත් ඇයට මහමෙරක් තරම් ශක්තියක් වනවා නොඅනුමානයි.

ඇගේ ගිණුම් විස්තර පහතින් සඳහන් කරනවා
නම- N. Madushani Silva weerakkodi
Peopel’s Bank.
Ragama Branch.
Ac number- 316-2-001-1-0034228
Telephone-0786774706

-මිමි ඒකනායක-

ඔබ මෙය ශෙයාර් කලොත් උදව්වක් කීරීමට හැකි අයෙක් මෙය දැකලා උදව් කරයි.. පහිතින් ශෙයාර් කරලා හරි උදව් කරන්න

Check Also

ඥතීන් හා ගුරුවරුන්ගෙන් පාසල් වයසේ පසුවන දැරියන් විශාල ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්වෙලා

පාසල් වයසේ පසුවන දැරියන් අතර වැඩි ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්ව ඇති බව මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!