page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / වතුරට වස දමා නියගයෙන් පීඩා විදින සතුන් මරන අමනයන් ඇල්ලීමට විශේෂ මෙහෙයුමක්‌

වතුරට වස දමා නියගයෙන් පීඩා විදින සතුන් මරන අමනයන් ඇල්ලීමට විශේෂ මෙහෙයුමක්‌

පවතින වියළි කාලගුණයත් සමගින් වතුර සොයා දිය කඩිතිවලට එන වන සතුන් සඳහා වස යොදා මැරීමේ යෙදෙන කල්ලි සොයා විශේෂ මෙහෙයුමක්‌ ආරම්භ කර ඇති බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්‌ෂක ඡේ. ඒ. පී. විජය කුමාර මහතා පැවසීය.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට බලපා ඇති දැඩි නියං සහිත කාලගුණය නිසා ප්‍රදේශයේ වැව් අමුණු රැසක්‌ම සිදී ගොස්‌ තිබේ. මේ හේතුව නිසා වන සතුන්ද දැඩි අපහසුතාවට පත්ව තිබේ. බීමට ජලය සොයා එන වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක්‌ හම්බන්තොට හා සුරියවැව කුඩා වැව් ආශ්‍රිතව සිදුවෙමින් පවතින බවට තමන් වෙතද වාර්තා වී ඇති බවත් ඒ නිසා මස්‌ පිණිස වස යොදා සතුන් දඩයම් කරන පිරිස්‌ සොයා මෙහෙයුම් ආරම්භ කළ බවයි ඡේ. ඒ. පී. විජය කුමාර මහතා පැවසුවේය.

මීට දින කිහිපයකට පෙරද සුරියවැව වැලි වැව ප්‍රදේශයේ කුඩා වැවක්‌ ආශ්‍රිතව කුඩා දිය කඩිති සාදා ඒ තුළට වස මිශ්‍ර කර සතුන්ට බීමට සලස්‌සවා සතුන් දඩයම් කිරීමේ ජාවාරමක්‌ ගම්වාසීන් එක්‌ව හෙළි කරදීමට කටයුතු කෙරිණි.

මේ දිනවල පාසැල් නිවාඩු සමයත් සමගින් පිට පළාත්වල සිට විශාල පිරිසක්‌ කතරගම, යාල, බූන්දල ඇතුළු අවට ප්‍රදේශ නැරඹීමට පැමිණෙන බවත් ඒ එන පිරිස්‌ වෙත ඉහළ මිලකට දඩ මස්‌ අලෙවි කළ හැකි හෙයින් මෙම ජාවාරම සිදු වෙන බවයි විජයතුමාර මහතා වැඩිදුරටත් පැවසුවේය.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!