page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / පොලිස්පති පූජිත මීට පෙරත් පොලිස් නිලධාරීන් 70 ක් වද හිංසනයට ලක්කරලා

පොලිස්පති පූජිත මීට පෙරත් පොලිස් නිලධාරීන් 70 ක් වද හිංසනයට ලක්කරලා

පොලිස්පති පූජිත ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටි අවධියේ දී ද පහල පොලිස් නිලධාරීන් වද හිංසනයට සහ අමානුෂික අවමන් කිරීමට ලක් කර ඇතැයි අප වෙත වාර්තා වේ.

මේ පිලිබඳ ප්‍රධාන සිදුවීමක් වන්නේ පූජිත ජයසුන්දර විසින් 2013 සැප්තැම්බර් මාසයේ දී කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයාද ඇතුළුව පොලිසියේ 70 ක පමණ පිරිසක් පැයකට අධික කාලයක් මහපාර අයිනේ ප්‍රසිද්ධියේ දණගස්වා තැබීමයි. මේ අමානුෂික ක්‍රියාව මගින් පොලිස් නිලධාරීන් හිංසනයට ලක් කර පාරේ යන මහජනතාව ඉදිරියේ පොලිස් නිලධාරීන් අවමානයට පත් කරන ලදී.

පහල නිලධාරියෙකු වරදක් කළා වුව ඉහල පොලිස් නිලධාරියෙකුට පහල නිලධාරියෙකු දණ ගැස්සවීමට බලයක් නැත.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් එවක පොලිස්පති ඉලංගකෝන් මහතා පොලිස්පතිවරයා යටතේ පවතින විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් යවා පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී පූජිත ජයසුන්දර වැරදි කරුවා යයි වාර්තාවක් පොලිස්පතිවරයාට ලබා දී තිබිණ. ඉලංගකෝන් මහතා පූජිත සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි එවක තිබූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ද ලිඛිතව දන්වා ඇත. මේ අතරවාරයේ දී මහින්ද රාජපක්ෂ එවක ජනාධිපතිවරයාට කණපින්දම් කී පූජිත සිද්ධිය යටපත් කර දැමීමට සමත් විය.

මේ අනුව පූජිත ජයසුන්දර යනු පොලිස් නිලධාරීන් වද හිංසනයට සහ අමානුෂික අවමානයට පත් කිරීමට කප් ගැසූවෙක් වන අතර ඊට ලැබිය යුතු දඬුවමින් බේරී නීතිය නවා රිංගා යෑමට දක්ෂයෙක් බවද පැහැදිලිය


-ලංකා ඊ නිව්ස්

Check Also

එක්සත් වෘත්තීයවේදීන් ඩිජිටල්කරණයේ පලමු පියවර තබයි

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය තම නිල වෙබ් අඩවිය www.upg.lk අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය සැප්තැම්බර් 29 වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!