page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / youtube දාන්න වීඩියෝ හදන්න ගිහින් පෙම්වතිය තැබූ වෙඩි පහරින් පෙම්වතා මරුට

youtube දාන්න වීඩියෝ හදන්න ගිහින් පෙම්වතිය තැබූ වෙඩි පහරින් පෙම්වතා මරුට

ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර දෙවේ‍ලේ අසන්නට ලැබෙන බව රහසක් නොවේ. ඔබ මේ කියවන්නට සූදානම් වන කතාවද එවැනි ක්‍රියාකාරකමක් ගැන කතාවකි. මෙය වාර්තා වූයේ.

දිනක් ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ 911 හදිසි ඇමතුම් අංශයට ලැබුණු ඇමතුමකට පිළිතුරු දුන් නිලධාරිනියකට අනෙක් කෙළවරින් අසන්නට ලැබුණේ කාන්තාවක් මහත් නොසන්සුන් ආකාරයෙන් සහ කම්පනයෙන් යුතුව හඬා වැටෙමින් කතා කරන අයුරුය.

‘අනේ ඉක්මන් කරන්න…ඉක්මන් කරන්න යැයි’ යයි කියමින් ඇය හඬගාන්නට වූවාය. ‘එයා මැරෙන්නයි යන්නෙ…මම ඕක දැනගෙන හිටියා..අනේ ඉක්මන් කරන්න’ කියමින් ඇය කෑ ගැසුවාය.

කිසියම් බරපතළ සිද්ධියක් සිදුව ඇති බවත්, ඇය කිසිවෙකුගේ ජීවිතය බේරා ගන්නට උදව් ඉල්ලමින් කෑ ගසන බවත් නිලධාරිනියට වැටහුණි.

ඇමතුම දුන් කාන්තාව මොහොතකට දුරකථනයෙන් ඉවතට ගිය ආකාරයක් ඊළඟට ඇසිණි. සුළු වේලාවකට පසු නැවතත් පැමිණි ඇය දුරකථනය ගෙන කතා කරන්නට වූවාය.

‘අනේ එයා මැරිලද කොහෙද?….එයාගෙ මුළු ඇඟම නිල් පාට වෙලා මැඩම්.. අනේ ඉක්මන් කරන්න…..එයා මැරෙයි..එයා මැරෙයි‘ ආදී වශයෙන් කියමින් ඇය දිගින් දිගයට වැළපුණාය.

හදිසි ඇමතුම් ඒකකයේ කණ්ඩායමට ඇගේ නිවසට පැමිණීමට කොපමණ වේලා ගතවෙයිද? ඔවුන් සිටින්නේ තම නිවසට මොන තරම් දුරින්ද? ආදිය ගැනද ඇය පුන පුනා විමසුවේ ඇය මුහුණ දී සිටි තත්ත්වය එතරම්ම හදිසි බැව් පිළිබිඹු කරමිනි. ඒ සමගම තමාත්, තම පෙම්වතාත් වීඩියෝවක් රූගත කිරීමට ගත් උත්සාහයක් ගැනද, එහිදී ඇති වූ සිද්ධියක් ගැනද ඇය වටින් ගොඩින් යම් යම් කාරණා පවසන්නට වූවාය.

කෙසේ හෝ වේවා මෙම අමුතු දුරකථන ඇමැතුමෙන් පසු ඒ ගැන සොයා බැලීමේදී අනාවරණය වූ කතාව ඇදහිය නොහැකි ආකාරයේ එකක් විය.

911 අංකයට ඇමතුම දුන් තරුණිය පෙරේස් නමැත්තියකි. වයස අවුරුදු 19 ක තරුණියක වූ ඇය ඒ වනවිටත් ගැබිනියකි. ඇගේ පෙම්වතා වූයේ පෙද්රෝ නමැත්තෙකි. ඔහුගේ වයස අවුරුදු 22 ක් විය. පෙද්රෝ සහ පෙරේස් ඉතා සතුටින් කල් ගෙවූ යුවළක් බව පෙනිණි. එමෙන්ම ඔවුන් දෙදෙනා සමාජ මාධ්‍ය තුළ විවිධ ක්‍රියාකාරකම් හරහා ජනප්‍රියත්වයට පත්ව සිටි දෙදෙනකු බවද දැකිය හැකි විය. විශේෂයෙන් ඔවුන් දෙදෙනා ‘යූ ටියුබ්’ අඩවිය හරහා බෙදාහදා ගත් වීඩියෝ දර්ශන බොහෝ දෙනෙකු අතර ජනප්‍රියත්වයට පත්ව තිබූ බැව් පෙනිණි.

පෙරේස් අනාවරණය කර ඇති ආකාරයට මේ කියන දිනයේද මෙම පෙම්වතුන් ඔවුන්ගේ අලුත්ම වීඩියෝවක් යූ ටියුබ් අඩවියට එක් කිරීමට සූදානම් වී තිබේ. එය එක්තරා ආකාරයක බිහිසුණු ක්‍රියාකාරකමකි. එහිදී පෙරෙස්ට කිරීමට තිබුණේ පෙද්රෝ තමා ඉදිරියේ සිටගෙන සිටියදී ඔහුගේ පපුවට වෙඩි තැබිමය. පෙද්රෝට කරන්නට තිබුණේ තද පිටකවරයක් සහිත විශ්ව කෝෂයක් වැනි ලොකු ‍පොතකින් වෙඩි පහර වැළැක්වීමය. පෙරේස් වෙඩි තබද්දී පෙද්රෝ ‍පොත සිය පපුවට ඉදිරියෙන් අල්ලාගෙන සිටිය යුතු විය. කැමරා දෙකක් ආධාරයෙන් මෙම බිහිසුණු ක්‍රියාදාමය වීඩියෝ ගත කර යූ ටියුබ් හරහා ප්‍රචාරය කිරීම ඔවුන්ගේ අදහස විය. මෙවැනි අනතුරුදායක, බිහිසුණු ක්‍රියාවක් මේ ආකාරයෙන් ‘යූ ටියුබ්’ අඩවියට එක් කිරීම හරහා සිය ජනප්‍රියත්වය තවත් වැඩි කර ගැනීමට මේ දෙදෙනා කල්පනා කළ බව පෙනිණි.

මෙම අදහස මුලින්ම ඉදිරිපත් කර ඇතැයි පැවැසෙන්නේ පෙරේස් නොව පෙද්රෝය. පෙරේස් මුලින් ඊට එතරම් කැමැත්තක් දක්වා නැති ආකාරයක්ද පෙනේ. නමුත් තමන් මෙයට පෙර මෙය අත්හදා බලා ඇති බව පවසමින් පෙද්රෝ සිය පෙම්වතිය මේ සඳහා කැමති කරවාගෙන ඇති බවක් පෙනී යයි.

ගිනි අවියෙන් නික්මෙන මූණිස්සම නතර කිරීමට ‍පොතේ දැඩි පිටකවරයට හැකි වනු ඇතැයි දෙදෙනාම සිතූ බවද පෙනේ. එහෙත් සිදුව ඇත්තේ කිසිසේත් බලා‍පොරොත්තු නොවූ මහත් අවාසනාවන්ත සිද්ධියකි. පෙරේස්ගේ ගිනිඅවියෙන් නික්මුණු මූණිස්සම නතර කිරීමට විශ්වකෝෂයේ ඝණ පිට කවරයට නොහැකි විය. ‍පොත පසාරු කරගෙන ගිය උණ්ඩය පෙද්රෝගේ හදවතද සිදුරු කරගෙන ගියේ ඔහුට ඉතා ඛෙදජනක මරණයක් උරුම කර දෙමිනි. මෙහිදී පෙරෙස් භාවිතා කළ ගිනි අවිය ඉතා ප්‍රබල එකක් විය.

සිය පෙම්වතා වෙඩි පහර වැදී බිම ඇද වැටුණු විට පෙරේස් දැඩි ලෙස අසරණව, මහත් බියටත්, කම්පනයටත් පත්වූ බැව් පෙනේ. 911 හදිසි ඇමතුම් අංශයට ඇය දුරකථන ඇමතුම දුන්නේ මෙම සිද්ධියත් සමග ඇති වූ එම දරා ගත නොහැකි කම්පනයෙන් යුතුවය.

මේ වනවිටත් පෙරේස්ට සහ පෙද්රෝට වයස අවුරුදු තුනක තවත් කුඩා දියණියකද සිටින බව සඳහන් වේ. සිය පියාට වෙඩි වැදුණු අවස්ථාවේ ඇයද එම ස්ථානයේ සිටි බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි. සමාජ මාධ්‍ය වෙනුවෙන් රඟ දැක්වීමට ගිය බිහිසුණු නාටකයක් නිසා දරුවන් දෙදෙනෙකු සමග පෙරේස් දැන් මෙලොව තනිවී ඇත. ඒ මදිවාට ඇය අනියම් මිනීමැරුම් චෝදනාවකටද ලක්ව සිටින්නීය.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!