page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / දරුණු පරාජයෙන් ක‍්‍රිකට් ලෝලීන් කුපිත වෙති | ඉස්සරහට ගෙවලුත් කුඩු කරයි – දඹුල්ලේ වෙච්ච සිද්ධිය මෙන්න

දරුණු පරාජයෙන් ක‍්‍රිකට් ලෝලීන් කුපිත වෙති | ඉස්සරහට ගෙවලුත් කුඩු කරයි – දඹුල්ලේ වෙච්ච සිද්ධිය මෙන්න

ඉන්දියාව හමුවේ පැවැති එක්දින තරගයේදී කඩුලු 9 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට එරෙහිව ප්‍රේක්‍ෂකයෝ පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ ඊයේ (20) රාත්‍රීයේ කෑකෝ ගසමින් ‘හූ’ කියමින් විරෝධතා දැක්වූහ.මෙම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට ක්‍රීඩාංගණයෙන් පිටවීමට නොහැකි තත්ත්වයක්ද ඇති විය.

ප්‍රේක්‍ෂකයෝ ‘අපිට දියව් අපේ ක්‍රිකට්’, ‘අපිට ඕනේ 96 ක්‍රිකට්’ යයි කියමින් කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් නැගූහ.ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ ඉන්දීය පිල හමුවේත් කඩුලු 9 ක ඛේදජනක පරාජයක් ලැබීය.

තත්ත්වය මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් වූ අතර අවසානයේ හෙල්මට් පැළද සිටි පොලිස් කැරළි මර්දන නිලධාරිහූ ප්‍රේක්‍ෂකයන් පළවා හැරියහ. ප්‍රේක්‍ෂයන් පළවා හැර මාර්ගය නිදහස් කරගන්නා තෙක් කණ්ඩායමේ බස්රථය ක්‍රීඩාංගණය තුළ නවතාගෙන සිටියේය.සිද්ධියට අදාල වීඩියෝව පහතින් නරඹන්න

Check Also

එක්සත් වෘත්තීයවේදීන් ඩිජිටල්කරණයේ පලමු පියවර තබයි

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය තම නිල වෙබ් අඩවිය www.upg.lk අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය සැප්තැම්බර් 29 වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!