page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Off road / අක්කට උසස්පෙළ ලියන්න උනෙත් නංගි ශිෂ්‍යත්වේ ලියූවෙත් තාත්තාගේ දේහයට වැදලා ගිහින්

අක්කට උසස්පෙළ ලියන්න උනෙත් නංගි ශිෂ්‍යත්වේ ලියූවෙත් තාත්තාගේ දේහයට වැදලා ගිහින්

මොලේ පිළිකාවක් හේතුවෙන් හදිසියේම ජීවිතක්ෂයට පත්වූ සිය පියාගේ දේහය නිවස තුළ තිබියදි දියණිය හැඬූ කඳුලින් යුතුව පියාගේ දේහයට වැද අද(20) පැවැති ‍ශිෂ්‍යත්ව විභාගයට ගිය ශෝකජනක පුවතක් සුරියවැව විහාරගල ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වනවා.අංක 4734, සමගිපුර, විහාරගල, සුරියවැව ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 52ක් වු එම්.පී. සෝමදාස මහතා මීට මාස 04ට පෙර හදිසියේම රෝගාතුරු වී තිබෙනවා.

පසුව රෝහල් ගතකර පරීක්ෂා කිරීමේදි අනාවරණය වී ඇත්තේ ඔහුට මොළයේ පිළිකාවක් බවයි.කෙසේ වෙතත් රෝගය හඳුනාගන්නා විට ඔහු සනීප කළ නොහැකි තරමටම රෝගය උත්සන්න වි තිබෙනවා.පසුගිය දින හදිසියේම අසාධ්‍යවීම හේතුවෙන් එම්.පී. සෝමදාස මහතා කරාපිටිය රෝහලට ඇතුලත් කළ අතර එහිදි ඔහු 18 දින සවස මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු දියණියන්ම 06කුගේ පියෙක්. ඉන් දෙදෙනෙකු පමණක් විවාහව වෙන්ව සිටි අතර ඉතිරි දියණියන් සිව් දෙනා පියා සමග නිවසේ ජිවත්ව තිබෙනවා.ඒ අතරිනුත් දියණියන් තිදෙනෙක්ම පාසැල් අධ්‍යාපනය හදාරයි.එක් දියණියක් අද (20) ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අතර තවත් දියණියක් මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ තවත් ප්‍රශ්න පත්‍රයකට හෙට 21 දින පෙනී සිටීමට නියමිතයි.

පියාගේ හදිසි වියෝව නිසා විභාගයට පෙනී සිටීමට නියමිත වු දියණියන් දෙදෙනාද දැඩි සංවේගයට හා ශෝකයටද පත්ව ඇති අතර පියාගේ මෙම හදිසි මරණයත් සමගින් අද(20) ශිෂ්‍යත්ව විභාගය සඳහා එම්.පී. හර්ෂි සඳමාලී දියණිය නිවසින් පිටත්ව ගියේ පියාගේ දේහය ද නිවසේ තැන්පත් කර තිබියදියි.එහි දී මළ ගෙදරට පැමිණ සිටි කාගේත් නෙතට කදුලක් එක් කරණ ඉතා ශෝචනීය අවස්ථාවක් වුයේ දියණිය නිවසින් පිටව ගිය අවස්ථාවයි.

පොත් කිහිපයක් අතට ගත් දියණිය මවට වැද පසුව පියාගේ දේහය අසලට ගොස් වැද “තාත්තේ අද මං ශිෂත්වය ලියන්න යනවා” යැයි පවසා කඳුළු පිස දමමින් නිවසින් පිටව ගියේ අසල සිටි සියළු දෙනාගේම

Check Also

විභාගය අසමත් දරුවන්ට බණින්න එපා.. බැන්නොත් වෙන දේ මෙන්න

ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම හේතුවෙන් දරුවන්ට දෙමාපියන් කායිකව හා මානසිකව දෙන දඬුවම් ඔවුන් දීර්ඝකාලීනව රෝගීන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!