page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / අයෙත් මම එක්සත් ජාතික පක්ෂයට එනවා – තිස්ස අත්තනායක මහතා කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න

අයෙත් මම එක්සත් ජාතික පක්ෂයට එනවා – තිස්ස අත්තනායක මහතා කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න

ජාතික දේශපාලන කාරණාවක්පැමිණි විගස යළි දේශපාලනයට අවතීර්ණ වන බවත් මේ වනවිට පක්ෂයේ මැති ඇමැතිවරුන් පවා යළි පක්ෂයට එන ලෙස ආරාධනා කර තිබෙනබවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ‍ලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය.

මහනුවර නෙත් බෝධිය අසල ඊයේ (19) දින රටට සෙත්පතා සිදු කළ බෝධි පූජාවකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු මහ‍ලේකම් තිස්ස අත්තනායක මහතා මෙසේද පැවැසීය.

රටක මැතිවරණයක් තියෙන්නේ ජනතාවගේ මතය ප්‍රකාශ කරන්නයි. නමුත් ආණ්ඩුව තවදුරටත් ඡන්දය කල් දැමීම කරනවා කියන්නේ ජනතාවගේ මතය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි කරනවා කියන එකයි. එහෙම වූ විට සමාජයේ මහා පිපිරීමක් ඇති වන්න පුළුවන්. එවන් අවස්ථාවක පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් සහ අර්බුද ඇති වීමේ ඉඩකඩ වැඩියි. ආණ්ඩුවක් ලෙස යම් යම් දේ සඳහා මැදිහත් වීම එතරම් සුබදායක නැහැ. පවතින අර්බුද සියල්ල සමථයකට පත් කරගෙන ජනතාව අපේක්ෂා කළ අරමුණ කරා රට ගෙනයාම පිළිබඳව රජයට විශාල වගකීමක් තිබෙනවා. ඒ තත්ත්වයට රට ගෙන නොගියොත් එහි ප්‍රතිඵල ලැබෙන්නේ මැතිවරණවලදීයි. පළාත් පාලන මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණ හෝ ඊට වඩා එහාට ගිය මැතිවරණයකදී හෝ ජනතාව තමන්ගේ මතය ප්‍රකාශ කර ඒ සඳහා පිළිතුරු ලබාදෙයි. අද රජයට පවතින ප්‍රධාන අභියෝගය වන්නේ එයයි.

අද රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය බොහෝ අවිනිශ්චිතයි. බොහෝ දෙනෙක් මේ රටේ දේහපාලන ස්ථාවරයක් බලා‍පොරොත්තු වුණා. දැන් ජනතාව තුළ ඒ බලා‍පොරොත්තු සුන් වී සැකයක් මතුව තිබෙනවා. අද රජයට ජනතාවට ළංවන්න බොහෝ දේවල් කරන්න තිබෙනවා. නමුත් පක්ෂය තුළ පවතින යම් යම් මත ගැටුම් නිසා රජයට ජනතාව අතරට යාමේ බාධාවක් ඇති වී තිබෙනවා. අද රට තුළ දේශපාලන ස්ථාවර භාවයක් නැති නිසා තිරසාර සංවර්ධනයක් කරන්න ඇති හැකියාව ගිලිහී ගොස් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය දෙස බැලූවිට 1994ට පසුව පක්ෂය මහා බරපතළ අරගලවලට පැටලුණා. එක්සත් ජාතික පක්ෂයේ මත ගැටුම් නායකත්වය පිළිබඳ අර්බුද ඒ වගේම විවිධ කාරණා පිළිබඳ වාද විවාද වැනි බොහෝ දේ ඇති වුණා. ඒ ගැටුම්වල ප්‍රතිඵලය වුණේ පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් අතර බෙදීම් ඇති වීමයි. එක්සත් ජාතික පක්ෂයේ මහ‍ලේකම්වරයා ලෙස ඒ දුෂ්කර අවදියේ මම කටයුතු කළා. බෙදීවෙන් වී යන්න ගිය සියලු පාක්ෂිකයන් එක් තැනකට ගේන්න මට හැකි වුණා. මම එදා ඒ කාර්භාරය ඉටු කළ නිසා තමයි පසුගිය ජනාධිපතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ලබා ගන්න හැකි වුණේ. නමුත් අද තියෙන ප්‍රශ්නය තමයි පහළ මට්ටමේ සිටින පාක්ෂිකයන්ගේ ප්‍රශ්න සහ දුක් ගැනවිලි අහන්න බලන්න කිසිවෙක් ඉදිරිපත් වන වැඩපිළිවෙළක් පක්ෂය තුළ නැති කම අද තිබෙන කනගාටුදායක තත්ත්වය එයයි. ආණ්ඩුවක් බලයට පත් වූ විට පක්ෂයේ ගම් මට්ටමේ පක්ෂ සාමාජිකයන් වෙනුවෙන් කළ යුතු බොහෝ දේවල් තිබෙනවා. ඒවා යටපත් කර කටයුතු කිරීමේ ප්‍රතිඵල තමයි අද එක්සත් ජාතික පක්ෂයට උදා වී තිබෙන්නේ.

මම ඉදිරියේදී යළි දේශපාලනයට අවතීර්ණ වෙනවා. ඒ නිසා මම ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වී නැහැ. මම දශක තුනක් පමණ දේශපාලනය කර තිබෙනවා. මම තවමත් දේශපානය කරන්න සූදානම් වනවා. නමුත් මේ අවස්ථාව ඒ සඳහා තීරණාත්මක අවධිය නොවෙයි කියා මට සිතෙනවා. පසුගියදා එක්සත් ජාතික පක්ෂ මහ‍ලේකම් කබිර් හෂීම් මහතා මට ආරාධනා කළා. නමුත් අද බිම් මට්ටමේ ජනතාවට විශාල හිදැසක් තිබෙනවා. එය පුරවන්න එන්න කීවත් මම තවමත් ඒ පිළිබඳව සිතා නැහැ. මටත් අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාටම යහපතක් වන වැඩපිළිවෙළකට අවතීර්ණ වන්න යැයි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

ගයා වන්නිආරච්චි – ලක්බිම පුවත් පත

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!