page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / කතරගම දේවලයේත් කපුමහත්වරුන්ගේ කචල් එකක් – අද පාන්දර පුජාවත් නෑ කෝටි ගානක රන්,රිදී,මුතු,මැණික් වලට වෙච්ච දෙයක් නෑ

කතරගම දේවලයේත් කපුමහත්වරුන්ගේ කචල් එකක් – අද පාන්දර පුජාවත් නෑ කෝටි ගානක රන්,රිදී,මුතු,මැණික් වලට වෙච්ච දෙයක් නෑ

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අද (22) අලුයම නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත.මේ නිසා සාම්ප්‍රදායිකව පැවැත්වෙන අලුයම පූජාවට ද බාධා සිදු වූ බව මාධ්‍ය වාර්තා කරයි.දේවාලයේ ප්‍රධාන කපුමහතා දේවාලය විවෘත කිරීමට යන අවස්ථාවේ දී බස්නායක නිළමේවරයා විසින් දේවාලයේ යතුර පැහැරගෙන තිබෙන බවත්, අද අලුයම් කාලයේ දේවලය වසා දැමීමට සිදු වූ බවත් දේවාලයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිසියද කැදවූ බවද සදහන්.

මේ අතර කතරගම දේවාලයේ බස්නායක නිලමේ වරයා පොලිසියට පැමිණිලි කරමින් කියා සිටියේ කතරගම දේවාලයේ කපු මහතා ඇතුළු සිය දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ඊයේ (21දා) රාත්‍රියේ බස්නායක නිලමේවරයාගේ වලව්වට බලහත්කාරයෙන් ඇතුළුවී රුපියල් කෝටියකට අධික දේපලක් කොල්ලකා ගිය බවයි.මෙසේ කොල්ලකා ඇති දේපල අතර රන්,රිදී,මුතු,මැණික් ඇති බව පැවසේ.

මේ අතර සිය නිවසට බලහත්කාරයෙන් ඇතුළුව දේපල කොල්ලකෑමට විරෝධය දක්වා කතරගම බස්නායක නිළමේවරයා අද (22දා) පෙරවරුවේ කතරගම දේවායේ යතුර රැගෙන ගොස් තිබූ අතර පසුව පොලිසිය මැදිහත් වී පොලිස් ආරක්ෂාව සහිතව දේවාලය යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!