page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / Ranil wickremesinghe / සැහැල්ලු වාහන අන්තර්ජාල මිල අඩු කළේ රාජපක්ෂලා ගත් ණය බර අඩු වූ නිසයි

සැහැල්ලු වාහන අන්තර්ජාල මිල අඩු කළේ රාජපක්ෂලා ගත් ණය බර අඩු වූ නිසයි

සැහැල්ලු ට්‍රක් රථ, සිංගල් කැබ්, යතුරුපදි සඳහා මෙතෙක් අය කරනු ලැබූ බදු වලින් සීයයට 90කින් සහ අන්තර්ජාල ගාස්තුවලින් සීයට දහයකින් අඩු කළ හැකි වුයේ රාජපක්ෂ යුගයේ ලබා ගත් දැවැන්ත ණය ගෙවීමට හැකි තරම් ආදායමක් වර්ධනය වෙමින් තිබෙන නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටේ ආර්ථිකයට හා සංවර්ධනයට ඉවහල් වන කුඩා ලොරි රථයක මිල රුපියල් ලක්ෂ තුනකින් පමණ මුදලකින් අඩුවී ඇති බවත් තරුණයන් සඳහා යතුරුපැදි අඩු මිලට ලබා දීම ග්‍රාමීය ආර්ථිකය නංවා ලීමට ගනු ලැබූ පියවරක් බවත් අන්තර්ජාල සේවා ගාස්තු අඩු කිරීම වර්තමාන සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සෘජුවම බලපාන බවත් පැවසු අග්‍රාමාත්‍ය වරයා කීයේ අන්තර්ජාල සේවා සඳහා බදු පනවන අවස්ථාවේ තරුණ පරපුර අප වෙත දෝෂාරෝපණ එල්ල කළ අතර එම ගාස්තු යළි අඩු කරන බවට රජය මගින් දුන් පොරොන්දුව මේ වන විට සැලකිය යුතු දුරට ඉටුවී ඇති බවත්ය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අකුරුස්ස ආසනයේ ප්‍රජා ආයතන කිහිපයක් විවෘත කිරීමේ උත්සව වලට සහභාගී වෙමිනි.

Check Also

“ආගම්වලට ජාතීන්ට එරෙහිව ප්‍රචණ්‌ඩ ක්‍රියා බැහැ” අගමැති රනිල් අනතුරු හඟවයි

කිසියම් ජනවර්ගයකට හෝ ආගමකට විරුද්ධව ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරතවන අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව …

One comment

  1. I have noticed that your website needs some fresh articles.
    Writing manually takes a lot of time, but there
    is tool for this time consuming task, search for; Wrastain’s tools for content

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!