page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / මදුරු දගර ගැන ඔබ මෙතෙක් නොදැන සිටි භයානක සත්‍ය මෙන්න

මදුරු දගර ගැන ඔබ මෙතෙක් නොදැන සිටි භයානක සත්‍ය මෙන්න

ඩෙංගු වසංගතය ඇතුළු මදුරුවන් හේතුකොටගෙන රෝග බහුලවීම නිසා අද මදුරු කොයිල් බාවිතයත් ඉහළ ගිහින්. නමුත් මේ මදුරු කොයිල් හේතුවෙන් ඇදුම මුල්කරගෙන හ්වසන රෝග තතත්වයන්ද නොසිතූ විරූ මට්ටමට ඉහළ යන බවයි වාර්තා වෙන්නේ. ඩෙංගු ඇතුළු මදුරු රෝග වලින් බේරෙන්න ගිහින් පෙනහළු ඇතුළු ශ්වසන පද්ධතිය අක්‍රීය කර ගැනීම ඉගුරු දී මිරිස් ගත්තා වගේ වැඩක්. මදුරු කොයිල් දුම ඇතුළු අහිතකර පාරිසරික තත්ත්ව නිසා ඉහළ යන ඇදුම ගැන අද කතා කරමු.

මොකක්ද මේ ඇදුම?

නාසයේ සිට පෙනහළු කරා වාතය ගෙන යන මාර්ගය කුඩා නාලිකා රැසකින් තැනී පවතී. මේවා ස්වසන නාලිකා ලෙස හදුන්වයි. මේ නාලිකාවල ඇතුළත බිත්තිය ඉදිමීමට ලක්වී නාලය පටු වී ඒ තුළ සෙම එකතු වීම නිසා වාතය ගමන් කිරීමට අවහිරතා මතුවෙයි. පෙනහළු තුලට ඇතුළුවන වාතය නැවත පිට කිරීමට මෙහිදී ප්‍රධාන වශයෙන්ම බාධා පැමිණේ. මේ නිසා වාතය පිට කිරීමට අමතරව වෙහෙසක් දැරීමට සිදුවෙයි. ඇදුම ලෙස හදුන්වන්නේ මෙයයි.

මේ රොග ලක්ෂණ ඔබටත් තියෙනවාද?

විටින් විට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාව,පපුවේ රා රූං ශබ්දය,පපුවේ තද ගතිය,කැස්ස,ඉහත කුමන රෝග ලක්ෂණයක් නිසා රාත්‍රීයේ නින්දෙන් අවදිවීම,කුඩා දරුවෙක් ක්‍රීඩාවල යෙදෙද්දී කැස්ස ඇතිවේ නම් ඔහුට හෝ ඇයට ඇදුම රෝගය තිබිය හැකියි.

ඇදුමට බලපාන සාධක

ඇදුම උත්සන්න වීමට පාරිසරික හේතු රැසක්ම බලපායි. මේ එයින් කිහිපයකි.

ලොම් සහිත හෝ පිහාටු සහිත සතුන් නිවස තුළ හෝ ඒ ආශ්‍රිතව ඇති කිරීම. ඔවුන්ගේ පිහාටු ලොම් ආදිය ශ්වසන මාර්ග ගතවීමෙන් රෝගය උත්සන්න විය හැකියි,දුම්පානය සහ සිගරට් දුමට ගොදුරු වීම ප්‍රධාන සාධකයකි,මදුරු කොයිල් දුම තවත් ප්‍රධානතම සාධකයකි,පරිසරය දූවිලි සහ දුම් සහිත වීම,විෂ දූවිලි තට්ටු බැදුණු විදුලිපංකා සහ වායුසමීකරණ යන්ත්‍ර,දූවිලි පිරුණු කාමර, අපිරිසිදු ඇදන්, කොට්ට, මෙට්ට, ඇද ඇතිරිලි, බිම් පලස්, තිර රෙදි තුළ ඇසට නොපෙනෙන සතුන් විශාල සංඛ්‍යාවක්සිටිති. ඔවුන්ගේ අපද්‍රව්‍ය ඇදුමට මුලකි,කැරපොත්තන් වැනි කෘමීන්ගේ මලද්‍රව්‍ය සහ මියගිය කොටස්,මල් පරාග රේණු ආදිය රෝගය උත්සන්න කරයි,පිදුරු සෙවිලි නිවාස, පිදුරු මෙට්ට, පිදුරු ගොඩවල් ආදියේ පවතින දිලීරවල බීජානු ප්‍රධාන හේතුවකි,සමහර ඖෂධ වර්ග

ඇදුම ගැන පුදුම කතා

ඇදුම බෝ නොවන රෝගයකි. ඒ නිසා රෝගියකු ස්පර්ශයෙන් මෙය බෝවන්නේ නැත. මෙය නිදන්ගත රෝගයකි. ඕනෑම වයසකදී වැළදිය හැකිය. පාරිසරික හේතු මෙන්ම පාරම්පරිකවද මෙය හටගනියි. එකම පවුලේ අයට පීනස, දද, කුෂ්ඨ ඇතැම් ඖෂධ සහ ආහාර විෂවීම වගේම ඇදුම රෝගයද පැවතිය හැකිය. නිට්ටාවට සුව කළ නොහැකි වුවත් ඇදුම පාලනය කළ හැකියි. රෝගය සමග හොදින් ජීවත්වීමටත් ක්‍රියාශීලි දිවියක් ගත කිරීමටත් හැකියි.

ප්‍රතිකාර තියෙනවාද?

රටපුරා සෑම රෝහලකම ඇති ශ්වසන සායනයට ගොසින් රෝගය හදුනාගත ප්‍රතිකාර ගත හැකියි. ලංකාවේ ශ්වසන රෝග විශේෂඥයන් 35ක් පමණ සිටිති. රෝගයට ඇති බයත් ඇදුම රෝගියකු යැයි කියන්නට ඇති ලැජ්ජාවත් නිසා ඉදිරිපත් නොවී සිටීම මරු කැදවන්නකි.

ඇදුම ගැන ලොකුම මිථ්‍යා

ඉන්හේලර් හැමෝටම අවශ්‍ය වන්නේ නැත.බොහෝ අය හිතන්නේ හැමෝටම ඉන්හේලර් දෙන බවයි. නමුත් එය එසේ නොවේ. එම් රෝගය ලැජ්ජාවට කරුණක් නොවේ. ඉන්හේලර් භාවිතයද ලැජ්ජාවට කරුණක් නොවේ. රෝගය ඇති අය අතර හොද ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෝද වෙති. ඇදුම නිසා දරුවන් ක්‍රීඩා වලින් ඈත් කිරීම වරදකි. ඔවුන්ට ඇදුමත් සමග ජීවත්වීමට ඉගැන්විය යුතුයි.

සිගරට් 175ක විෂ එක මදුරු කොයිල් එකක,ඇදුම හදන ලොකුම හේතවත් මදුරු කොයිල්,හුගක්ම අමාරුවේ වැටෙන්නේ බොරු ලැජ්ජාව නිසා,දකුණු ආසියාවේ ඇදුම අධිකම රටවල් අතර ලංකාවත් පෙරමුණේ,ලංකාවේ ඇදුම රෝගීන් වසරකට ලක්ෂ 2කටත් වැඩියි,දුම්පානයත් ප්‍රධානතම හේතුවක්,වායු දූෂණය සමග ඇදුම රෝගීනුත් ඉහළට

උපදෙස් – කළුබෝවිල ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ – වෛද්‍ය ඒෂාන්ත පෙරේරා

සමික්ෂණ වාර්තා – කොළඹ මධ්‍යම උරස් සායනයේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර

මේ ගැන හැමෝම දැනුවත් කරන්න පහතින් share කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!