page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Rajitha Senaratne / ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාසභංගයක්‌

ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාසභංගයක්‌

චෝදනා හතක්‌ යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24 දා) හෝ හෙට (25 දා) කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රසිද්ධ පුවත්පතකට ට ඊයේ (23 දා) පැවසා තිබෙනවා.

විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් අද දවස තුළ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා බවද මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.

රජයේ තක්‌සේරු මුදලට වඩා අඩු මිලට මෝදර ධීවර වරාය බදු දීම, අල්ලස්‌ කොමිසම හමුවේ ඇති පරීක්‌ෂණවලට පෙනී නොසිට මඟ හැර සිටීම ඇතුළු චෝදනා හතක්‌ රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇතැයිද සොයිසා මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!