page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / Thalatha Atukorale / විජයදාස ඉවත් කරන්න- එජාපය ජනපතිට කියයි | තලතාට තවත් ඇමැති කමක් දෙන්න යයි

විජයදාස ඉවත් කරන්න- එජාපය ජනපතිට කියයි | තලතාට තවත් ඇමැති කමක් දෙන්න යයි

අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ හොබවන සියලුම අමාත්‍ය දූර වලින් ඔහු ඉවත්කරන්නැයි එජාප නායකත්වය ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

එජාප කෘත්‍යාධිකාර මණ්ඩලයේ තීරණයකට අනූව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේම පියවර ගෙන ඇති බවයි වැඩි දුරටත් සඳහන් වෙන්නේ.

♠අධිකරණ ඇමැතිකම තලතාට දෙන්න යයි

නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

තලතා අතුකෝරල මහත්මියට අධිකරණ ඇමැතිධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරවය.

කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන රවීන්ද්‍ර සමරවීර මහතාට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීම ප්‍රමාධ වී ඇත්තේ නව ඇමැතිවරුන් දෙදෙනා නම් කර යැවීමට ප්‍රමාධ වීම නිසා බව ද දැනගන්නට ඇත.

මේ අතර විජයදාස රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිත බව ආරංචි මාර්ග කියයි.

හැමෝටම දැනගන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!