page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Off road / හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි

හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි

ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා ලබා දී තිබූ helakuru sinhala voice typing පහසුකම ඊයේ මධ්‍යම රාත්‍රියේ පටන් පරිගණක උපාංග වෙත දසහය දක්වන ලෙස වැඩි දියුණු කිරීමට භාෂා ලංකා ආයතනය සමත් වී සිටී. මේ අනුව www.helakuru.lk වෙත පිවිස පරිගණකය මගින් සිංහල voice typing කිරීමේ පහසුකම සිංහල භාෂා පරිශීලකයන් වෙත උදා වේ. මෙය සිංහල භාෂාවේ ප්‍රගමනය උදෙසා තැබූ සාධනීය ඉදිරි පියවරක් ලෙස හඳුනා ගත හැකි බව බොහෝ දෙනෙකුගේ මතයයි. එමෙන් ම මෙය සිංහල භාෂාවේ විවිධ යුග අතර වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් බවද නිසැකය.

සිංහල භාෂාවෙන් සයිබර් අවකාශය පරිශීලනය කරන ප්‍රජාවට ඉමහත් වැදගත්කමක් සහිත කාරණයක් ලෙස හෙළකුරු මගින් ලබාදුන් sinhala voice typing පහසුකම සැලකිය හැක. ගූගල් සමාගම මගින් g board – google voice typing පහසුකම ලබා දී ඉතා කෙටි කාලයක් තුළ එනම් දින තුනක් පමණ ඇතුළත ඊට වඩා වැඩි දියුණු කළ හෙළකුරු voice typing පහසුකම නොමිලේම හෙළකුරු පරිශීලකයන් වෙත ලබා දෙන්නට භාෂා ලංකා ආයතනය කටයුතු කොට ඇත. මේ සඳහා ගූගල් සමාගමේ තාක්ෂණය උපයෝගී කරගත්තත් භාෂා ලංකා ආයතනයේ තාක්ෂණ ශිල්පීන් විසින් මෙය සිංහල සමාජයට ගැළපෙන ලෙස සංස්කරණය කර තිබේ. එසේම එය ක්‍රියාත්මක කිරීම ඉතාම සරලය.

මේ අනුව පරිගණක උපාංගයක් මගින් www.helakuru.lk වෙත පිවිසීමෙන් හෝ android උපාංගයක් මගින් play store වෙත පිවිස හෙළකුරු ඇප්ලිකේෂනය download කිරීම හෝ update කිරීම මගින් sinhala voice typing පහසුකම සලසා ගත හැකිය. නුදුරේදීම මේ පහසුකම ඇපල් උපාංග සඳහාද ලබාදීමට භාෂා ආයතනයේ තාක්ෂණ ශිල්පීහු මේ වනවිටත් පර්යේෂණ කරමින් සිටිති. කෙසේ නමුත් සිංහල භාෂක සමාජයට නොමිලේ ලැබෙන මේ පහසුකම සිංහල භාෂාවේ හෙට දවස උදෙසා හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හඳුනාගත හැකි බව බොහෝ දෙනෙක් පවසයි.

හැමෝටම දැනගන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!