page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Off road / රත්තරනින් කමිසයක් මසාගත් මේ මන්ත්‍රී හඳුනනවද?

රත්තරනින් කමිසයක් මසාගත් මේ මන්ත්‍රී හඳුනනවද?

මානසික විකෘතීන්ගෙන් පෙළෙන දේශපාලකයන් සිටින්නේ ශ‍්‍රී ලංකාවේ විතරක් නොවෙයි. එවැනි අයෙක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට ප‍්‍රාන්තයෙන් වාර්තා වුණා.

ඔහුගේ නම පංකජ් පරාක්. මහාරාෂ්ට ප‍්‍රාන්තයේ සංචාරක ප‍්‍රවර්ධන ඇමතිවරයා වන ඔහු සිය හතළිස් පස් වැනි උපන්දින සැමරුම් උත්සවය සඳහා සහභාගිවී තිබුණේ රත‍්‍රං කමීසයකින් සැරසීගෙනයි.

රත‍්‍රං කිලෝ 4ක් යොදාගෙන නිමවුණු මේ කමිසයේ වටිනාකම රුපියල් ලක්ෂ 320ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා.

“පුංචි කාලේ පටන්ම මම රත‍්‍රංවලට හරි ආසයි. මාස දෙකක කාලයක් පුරා රන්කරුවන් විසි දෙනෙක් වැඩෙහි යොදවමින් මම මේ කමිසය නිර්මාණය කරගත්තේ ඒ ආසාව නිසාමයි. රත‍්‍රං කියන්නේ දෙවියන්ගේ බැල්ම ගෙන දෙන ලෝහයක්. මේ වස්ත‍්‍රය මාව සතුටු කරවන්නේ ඒ නිසයි” යනුවෙන් ඔහු ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

රත‍්‍රං කමීස මහගන්නට තරම් වැටුපක් මන්ත‍්‍රීවරයකුට ලැබෙනවාද යන්න සොයා බැලීම ඡන්දදායකයන්ගේ වගකීමක්.

-රිවිර පුවත්පත ඇසුරින්

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!