page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / ඔබත් දිනපතා බියර්, අරක්කු බොනවානම් මේ ගැනත් අනිවාරෙන්ම දැනගන්න

ඔබත් දිනපතා බියර්, අරක්කු බොනවානම් මේ ගැනත් අනිවාරෙන්ම දැනගන්න

වැරදි මතය : මද්‍යසාර සිරුර ප්‍රාණවත් කරන උත්තේජකයකි.

නිවැරදි තතු : මද්‍යසාර මගින් ස්නායු පද්ධතියට හානි ඇති කරයි.

පළමුව නිවැරදි විනිශ්චය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල කරයි. ඉන්පසු සමායෝජනයේ අඩුවීමක් ඇති කරයි. (තමාව පාලය කරගත නොහැකි තත්ත්වය)

ඉතා වැඩි ප්‍රමාණයකින් මද්‍යසාර භාවිතය නිසා ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම් හේතුවෙන් හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය පවා නැවතිය හැක.හෘද ස්පන්දනය පවා නැවතිය හැක.

වැරදි මතය : සිත සැහැල්ලු වීමට සහ ඇඟේ අමාරු අඩුකර ගැනීමට මද්‍යසාර භාවිතය කදිම මාර්ගයකි.

නිවැරදි තතු : මද්‍යසාර භාවිතයේදී සැහැල්ලු බවක් දැනෙයි කියා සිතුනද, ඇත්තටම සිරුරට වැඩි අපහසුතාවයක් ඇති කරනු ලබයි.

වැරදි මතය : සැර මද්‍යසාර වර්ග ගැනීමෙන් බියර් හා වයින් වැනි වර්ගවලට වඩා ඉතා ඉක්මණින් මත්වේ.

නිවැරදි තතු : මද්‍යසාර යනු මද්‍යසාරමය. වැඩි ප්‍රමාණ වලින් ගත් කල බියර් සහ වයින් වලත්, අරක්කු, විස්කි වැනි සැර මත්පැන් වර්ග වලත් සම මට්ටමෙන් මද්‍යසාර පවතින බැවින් එකම ප්‍රමාණයට මත් වේ.

වැරදි මතය : කෙනෙකු වැඩිපුර මද්‍යසාර පානය කිරීම නිසා සිහි මුර්ජා වුවහොත් ඔහුට නිදා ගැනීමට සැලැස්විය යුතුය.

නිවැරදි තතු : යම් කෙනෙකු වැඩිපුර මධ්‍යසාර පානය කිරීම නිසා සිහි මූර්ජා වුවහොත් ඔහුට කළ හැකි බරපතළම හානිය නම් කිසිවෙකුගේ අවධානය යොමු නොවන තැනකට රැගෙන ගොස් නිදාගැනීමට සැලැස්වීමය.

එම මද්‍යසාර ප්‍රමාණය ඔහුගේ දිවි තොර කිරීමට තරම් ප්‍රමාණවත් වන බැවින් ඔහුව හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම ඉතා වැදගත්ය.

වැරදි මතය : මද්‍යසාර ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරයි.

නිවැරදි තතු : මද්‍යසාර වලින් ලිංගික හැඟීම් ඇති වුවද ලිංගික ක්‍රියාකාරකම් වලට ඇති හැකියාව අඩු කරයි.

මද්‍යසාර අපගේ කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නොවේ. එය තවත් ඛේදවාචයකට මුල පිරීමක් පමණි. ඔබගේ ජීවිතය ඉතා අගනේය. එයට ඉහළම වටිනාකමක් දෙන්න බුද්ධිමත්ව සිතන්න, වගකීමෙන් ක්‍රියා කරන්න.

වැරදි මතය : මද්‍යසාර නිසා හෘදයාබාධ අඩුකරයි.

නිවැරදි තතු : ශරීරයට ඇල්කොහොල් ප්‍රමාණයක් අවශ්‍ය වුවත්, එය අප ලබාගන්නා ආහාර වලින් ලැබෙනු ඇත.

මද්‍යසාර තුළින් සිරුරට ඇල්කොහොල් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැත.

වැරදි මතය : මද්‍යසාර භාවිතය මිතුරන් සමග විනෝද වීමට යොදා ගැනීම.

නිවැරදි තතු : විනෝද වීම සඳහාත් සිරුරට අහිතකර මද්‍යසාර ලබාගැනීමට වඩා හොඳ ක්‍රියාකාරකම්, ක්‍රීඩා, සමාජ සේවා වැනි නොයෙක් දේ ඇත.

මේ පිළිබදව හැමෝම දැනුවත් කරන්න පහතින් ශෙයාර් කරන්න අමතක කරන්න එපා..

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!