page hit counter
Monday , October 23 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / “ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේ තත්වයට වැටෙන්නට එපා” – අමාත්‍ය අර්ජුන මහතාගෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ඉල්ලීමක්..

“ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේ තත්වයට වැටෙන්නට එපා” – අමාත්‍ය අර්ජුන මහතාගෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ඉල්ලීමක්..

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගගනයේ දී  (27) සිදුවු අන්දමේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ සිදුවිය යුතු නැතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.

තරඟ පරදිද්දී දුක හිතෙන නමුත් අප ඉන්දියාවේ තත්ත්වයට පැමිණිය යුතු නැතැයි ද අමාත්‍යවරයා කිය.

ක‍්‍රිකට් ජය ගත්තත් පරාජය වුවත් හිනැහී පිළිගන්නට අපට හැකිවිය යුතු යැයි ද සංස්කෘතියක් ඉතිහාසයක් ඇති රටක් වූ අපි ක‍්‍රීඩකයින්ගේ මානසිකත්වය ගැන නිරන්තර සිතිය යුතු යැයි ද රණතුංග මහතා සඳහන් කළේය.

කී‍්‍රඩකයින්ට හූ කියන්නට එපා යැයි ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටින බව කී අමාත්‍යවරයා හූ කියන්නට අවශ්‍යම නම් පරිපාලනයට හූ කියන්නැයි ඉල්ලා සිටින බව ද කියා සිටියේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අද (28) පැවැති මාධ්‍ය හමුවක දීය.

"ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේ තත්වයට වැටෙන්නට එපා" – අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ඉල්ලීමක්…

Posted by SLRC News on Monday, August 28, 2017

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාාර් කරන්න

Check Also

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සිව්වැනි එක්‌දින …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!