page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Rape cases / අසූ දෙහැවිරිදි අවිවාහක කාන්තාව දූෂණය කල කාමාතුරයාට වැඩ වරදි

අසූ දෙහැවිරිදි අවිවාහක කාන්තාව දූෂණය කල කාමාතුරයාට වැඩ වරදි

තෙල්වත්ත, මීටියාගොඩ දකුණ ප්‍රදේශයේ 82 හැවිරිදි අවිවාහක කාන්තාවක්‌ රැයක්‌ මුළුල්ලේ අමානුෂික ලෙස දූෂණය කළේ යෑයි මීටියාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 2017 සැප්තැම්බර් මස 07 වැනි දින දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් රජීන්ද්‍රd ජයසූරිය මෙනවිය සිකුරාදා (25 දා) නියෝග කළාය.

සැකකරුට අදාළව ලැබීමට නියමිත ඩී.එන්.ඒ. වාර්තාව සහ පරීක්‍ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක්‌ මගින් මීළඟ නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්‌ත්‍රාත්තුමිය මෙහිදී මීටියාගොඩ පොලිසියට දැනුම් දුන්නාය. මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ මැටිවල, තෙල්වත්ත ලිපිනයේ පදිංචි වලකඩ ගමගේ සුදත් කුමාර (35) නමැති අයයි.

තෙල්වත්ත, මීටියාගොඩ දකුණ ප්‍රදේශයේ පදිංචි අගම්පොඩි සුගුණවතී (82) නමැති කාන්තාව, මීටියාගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව තනිව නිවසේ සිටින බවත්, නිවස ආසන්නයේ අවට නිවාස කීපයකම ඥතීන් ජීවත් වන බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. සිද්ධිය වූ දින රාත්‍රී 7.00 ට පමණ සැකකරු නිවසට ඇතුල් වී ඇති බවත් සැකකරු රාත්‍රිය මුළුල්ලේම නිවසේ සිට ඇති බවත් මීටියාගොඩ පොලිසිය විසින් කරන ලද පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. අතවරයට පත් කාන්තාව ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ජානකී වර්ෂාහැන්නදි මහත්මිය වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක්‌ද ලබාගෙන තිබේ.

මීටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස්‌ පරීක්‍ෂක ජනක සම්පත් මහතාගේ මෙහෙයවීම මත පොලිස්‌ සැරයන් සනත් මෙන්ඩිස්‌ (18496) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

Check Also

කොළඹ-නුවර බස් එකේදී තරුණියට ලිංගික ප්‍රදේශය පෙන්නු අයියා මෙන්න | ViDEO

රථයකදි තරුණියකට වූ අපහසුතාවයක් පිළිබද පුවතක් වාර්තා වනවා. මෙම තරුණිය අපහසුතාවයට පත්ව ඇත්තේ මහනුවර සිට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!