page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / කොටි වළ දාපු රත්රන් හොයන්න ජර්මනියෙන් ගෙනාපු සුපිරි ගැජට් එක මෙන්න

කොටි වළ දාපු රත්රන් හොයන්න ජර්මනියෙන් ගෙනාපු සුපිරි ගැජට් එක මෙන්න

කොටින් වළ දැමූ රත්රන් හා නිදන් සොයන්න ජර්මනියේ නිෂ්පාදිත අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් සමඟ සැකකරුවකු ඊරට්ටපෙරියකුලම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (28දා) රාත්‍රියේ ඔෟෂධපිටිය ප්‍රදේශයේ ගමන්ගත් සැකකටයුතු වෑන්රථයක් සෝදිසි මුර සංචාරයක යෙදී සිටි ඊරට්ටපෙරියකුලම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂා කිරීමේදී අදාළ ස්කෑන් යන්ත්‍රය සොයාගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දැමූ බවට සැක කෙරෙන රත්රන් ගොඩගැනීම සඳහා යොදාගත් මේ අන්දමේ යන්ත්‍ර පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන තිබූ බැවින් මෙම යන්ත්‍රයද එවැනි කටයුත්තක් හෝ නිදන් හෑරීමකට රැගෙන යන්නට ඇති බවට සැක කරන බව පොලිසිය කීය.
ස්කෑන් යන්ත්‍රය සමඟ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවකුද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ස්කෑන් යන්ත්‍රය ජර්මනියේ නිෂ්පාදිත එකක් බවට මේ වන විට තහවුරු වී ඇත.

සැකකරු වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!