page hit counter
Monday , October 23 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සිව්වැනි එක්‌දින ක්‍රිකට්‌ තරගයට දැඩි ආරක්‍ෂාවක්‌ ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක මහතා පවසනවා.

මෙම තරගයේ ආරක්‍ෂාව සඳහා නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන් දහසකට ආසන්න පිරිසක්‌ යෙදවීමට කටයුතු කර ඇත.

මේ අතර ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ක්‍රීඩාලෝලීන්ට ජල බෝතල් රැගෙන යැම තහනම් කර ඇති අතර ජලය රැගෙන යැම සඳහා විකල්ප ක්‍රම භාවිත කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියි.

ජල බෝතල් වලට අමතරව ක්‍රීඩාංගණය වෙත දමා ගැසිය හැකි ද්‍රව්‍ය කිසිවක්‌ රැගෙන යැමට ඉඩනොදෙන බවද පොලිසිය පවසයි.

පොලිසිය විසින් මෙම ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාලෝලීන් ජල බෝතල් සහ වෙනත් ද්‍රව්‍ය වලින් පහර දෙමින් කලහකාරී ලෙස හැසිරීම නිසා බවද පොලිසිය කියා සිටියි.

මේ අතර කලහකාරී ලෙස හැසිරෙමින් ක්‍රීඩාංගණය වෙත වතුර බෝතල්වලින් පහරදීමට කිසියම් පුද්ගලයකු උත්සාහ කළොත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.

Check Also

“ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේ තත්වයට වැටෙන්නට එපා” – අමාත්‍ය අර්ජුන මහතාගෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ඉල්ලීමක්..

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගගනයේ දී  (27) සිදුවු අන්දමේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ සිදුවිය යුතු නැතැයි ඛණිජ තෙල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!