page hit counter
Friday , September 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ලන්ච් ෂීට්‌ තහනම නිසා බත් පාර්සල් මිල අද සිට ඉහලට – නව මිල ගනන් මෙතැනින් බලන්න

ලන්ච් ෂීට්‌ තහනම නිසා බත් පාර්සල් මිල අද සිට ඉහලට – නව මිල ගනන් මෙතැනින් බලන්න

සිලිසිලි බෑග්, ලන්ච් ෂීට්‌ අලෙවිය තහනම් කිරීමත් සමගම බත් පාර්සලයක මිල අද (02 වැනිදා) සිට රුපියල් දහයකින් ඉහළ නැංවීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවැසීය.

රජය එම ද්‍රව්‍ය තහනම් කළත් ඊට නිසි ආදේශන හඳුන්වා නොදීම නිසා ආපනශාලා කර්මාන්තය කරගෙන යැමට නොහැකිවී ඇති බවත් එම නිසා එම තීරණයට එරෙහිව ඉහත තීරණය ගත් බවත් හෙතෙම කීවේය.

මෙම තහනමත් සමඟ කූට වෙළෙඳුන් රැසක්‌ වෙළෙඳපොළට පැමිණ ව්‍යාජ පොලිතින්, ලංච් ෂීට්‌ අලෙවි කරමින් ඇති බවටත් හෙතෙම චෝදනා කළේය.

මෙම තහනම ලක්‍ෂ ගණනක්‌ මහ පාරට ඇද දමන තහනමක්‌ බවත් මෙය කිසිදු වගකීමකින් තොරව කළ කටයුත්තක්‌ බවත් අසේල සම්පත් මහතා පැවසීය.

Check Also

මීපිටියේ ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලයි – තරුණියන් 7ක් දෙනෙක්‌ අත්අඩංගුවට

කෑගල්ල නුවර ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා මධ්‍යස්‌ථානයක්‌ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!