page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / murder / රක්වානේ 19 වියැති පාසල් සිසුවිය ඝාතනය කලේ රුපියල් 210ක් ගන්න – පාපතරයා සියල්ල හෙළිකරයි

රක්වානේ 19 වියැති පාසල් සිසුවිය ඝාතනය කලේ රුපියල් 210ක් ගන්න – පාපතරයා සියල්ල හෙළිකරයි

රත්නපුර පැල්මඩුල්ල ධර්මාලේක මහ විදුහල උසස් පෙළ කාලා අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි කේ ඩබ්ලිව් දීපිකා ප්‍රියදර්ශනී නැමති 19  වියැති පාසල් සිසුවිය ඉකුත් 24  වැනිදා පෙරවැරුවේ ඇය පදිංචිව සිටි බටයාය නිවසේදී ගෙලා කපා ඝාතනය කර තිබිණි.

ඇගේ මව මීට වසරකට පමණ පෙර මියගොස් තිබුණ අතර පියා සමගින් බටයාය නිවසේ දිවිගෙවා ඇත.

ඉකුත් සතියේ 24 වැනි දින ඇගේ පිටා තේ දලු නෙලීම සඳමා නිවසින් පිටව ගිය අවස්ථාවේ නිවසේ පාඩම් කරමින් සිටි සිසුවිය ගෙල කපා ඝාතනය කර තිබිණි.

රක්වාන පොලීසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ එම් බමුණුසිංහ මහතා ඇතුළ් පොලිස් නිළධාරීන් මේ පිලිබඳ මූලික විමර්ෂන සිදුකොට ඝාතනය සිදුව පැය 24ක් ගතවීමටත් පෙර බටයාය ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි අවිවිහක පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය

මෙම සැකකරු මීට වසරකට පමණ පෙර තවත් මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳව රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි අයෙකු බවද පරීක්ෂ වලදී හෙලිව තිබේ.

අධික ලෙස මත්පැන් පානය කිරීමට පෙළඹ සිටි සැකකරු මත්පැන් පානය කිරීඹට අවශ්‍ය මුදල් හා රන්බඩු මංකොල්ලකෑමේ අරමුනින් සිසුවියගේ නිවසට ඇතුලු වී ඇති බවත් එහිදී සිසුවියගේ කෑගසීම නිසා නිවසේ තිබූ පිහියකින් ඇගේ ගෙල කපා දැමූ බවත් සැකකරු පවසා ඇත.

පාසල් සිසුවිය ඝාතනයෙන් පසු නිවසේ තිබූ රුපියල් 210 මුදලක් හා ජංගම දුරකථනයක්ද රිදී පැහැති මාලයක කොටසක්ද රැගෙන පලාගිය බවද සැකකරු පවසා ඇත.

පසුව රුපියල් 210ක මුදල කසිප්පු තිප්පොලකට ලබාදී මත්පැන් පානය කළ සැකකරු ජංගම දුරකථනය හා මාලයක කොටස තමන් සන්තකයේ තබාගෙන ඇත.

පසුව පොලීසිය මගින් මෙම උපකරණ සොයාගෙන තිබේ.ඝතනයට ලක්වූ 19 හැවිරිදි පාසල් දැරියගේ මළ සිරුරේ යටසාය ඇඳුම් ඉවත්ව තිබුණද ඇය කෙලීසමට ලක්වී නොමැති බව රත්නපුර මහ රෝලයේ අධිකාරණ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වූ බවද පොලීසිය කියයි.

මේ අතර ඝාතනයට ලක්වූ සිසුවියගේ පෙම්වතා ඝාතනය පිළිබඳව පැවසූ දේ දැක්වෙන අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝවක් පහතින්.

 

Check Also

අවුරුදු 45ක පුද්ගලයෙක් කොළඹ සංඝරාජ ප‍්‍රදේශයේ දී දැරියක් දූෂණය කරයි – දැරියට 14යි

අවුරුදු 14ක් වයසැති බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීම සහ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන යාම යන චෝදනාවලට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!