page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Off road / ඇග දැක්කම කවුරුත් බය වෙන බර උසුලන බෝනික්කිය මෙන්න

ඇග දැක්කම කවුරුත් බය වෙන බර උසුලන බෝනික්කිය මෙන්න

ඇයට තිබෙන්නේ දෙතුන් වරක් හැරී බලන්නට තරම්ම ලස්සන මුහුණක්. සිහින් ඇහි බැම,කොළ පාට ඇස්, රතු තොල්, පිරුණු කම්මුල් ඒ මුහුණට ගෙන එන්නේ පුදුමාකාර සුන්දරත්වයක්..

හැබැයි ඇගේ සිරුර දැක්කොත් හිතට දැනෙන්නේම තැතිගැන්මක්. ඔව් එය එතරම්ම ජවසම්පන්න ඇ`ගක්, පුළුල් උරහිස්, වැඩුණු මස්පිඩු, යෝධ අත්, දැවැන්ත කලවා, මේ සියල්ලම ඇයට ගෙන එන්නෙ නිර්භීත පෙනුමක්.

එකම මිනිස් සිරුරක් තුළ මේ වගේ අහස පොළොව තරම් නොගැළපීමක් තියෙන්න පුළුවන්ද? ඇය ලෝක ප‍්‍රසිද්ධ වෙන්නෙම ඒ නිසාමයි. කොටින්ම කිව්වොත් බර ඉසිලීමේ ක‍්‍රීඩාවේ නිරත වෙන ලෝකයේ ලස්සනම කෙල්ල යන විරුද නාමයට උරුමකම් කියන්නේ ඇයයි.

රුසියාව මවු රට කරගත් මේ අපූරු ළමිස්සියගේ නම ජුලියා වින්ස්. වයස හරියටම අවුරුදු විසි එකයි. 2016 ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී කිලෝ ග‍්‍රෑම් 215ක් ඔසවමින් ඇය ලෝක වාර්තා පොතට සිය නම ඇතුළු කරගත්තා.

බෝනිකි මුහුණක් ඇති ජුලියා ඬේලි මේල් වෙබ් අඩවිය සමග කළ සංවාදයකදී තමන්ගේ කතාව ලෝකයට කියා තිබුණේ මෙහෙමයි.

”හරියටම වයස අවුරුදු පහළොවේදී මම ජිම් එකකට යන්න පටන් ගත්තේ මගේ ඇ`ග ලස්සන කරගන්න හිතලයි. බර ඉසිලීම ගැන මුකුත් නොදැන හිටපු මම ජිම් එකට ගිහින් කළේ එතන ඉඳපු ශක්තිමත්ම ඇ`ග තිබුණු යෝධ පිරිමි ළමයාගේ පිටුපසින් ඉඳගෙන ඔහු කරන කරන දේ මමත් කරන්නට උත්සාහ දැරීමයි. ශරීරය ටිකෙන් ටික වෙනස් වෙලා මට ශක්තිමත් පෙනුමක් ලැබෙනකොට මම හරියට සතුටු වුණා..”

” අද වෙනකොට හුගක් ගෑනු ළමයි මාව ආදර්ශයක් කරගෙන කායවර්ධනය පැත්තට යොමු වෙලා ඉන්නවා මම දකිනවා.ඒක මට ලොකු සතුටක්. ඒත් ලොකු ඇ`ගක් හදාගන්න ඕනකමට එයාලා උත්තේජක හෝමෝන වර්ග පානය කරන බව මම අහලා තියෙනවා. ඒක ලොකු අපරාධයක්. උත්තේජක හෝමෝන පානය කරද්දී ගැහැනු හෝමෝන දුර්වල වෙනවා. පිරිමි මුහුණක්, පිරිමි කටහඬක් සහ පිරිමි ඇ`ගක් තමයි එවිට ලැබෙන්නේ. ඉතින් මම සහතික වෙනවා හෝර්මෝන පාවිච්චි කරන්නේ නැතුව මේ වගේ ශක්තිමත් ඇ`ගක් හදාගන්න පුලූවන් කියලා.”

ජුලියා පවසන හැටියට ගැහැනු ළමයෙකුට මෙවන් අභියෝගාත්මක ක්‍ෂේත‍්‍රයක රැුඳී සිටීම මුලදී තරමක අසීරුවකි. ඒ සෙසු සියලූ දෙනා ඇයව අධෛර්යවත් කරවන දේ සිදු කරනා නිසාය.

”ජිම් එකේ පුහුණුව ලබන කාලේ මගේ හිත එතන ඉඳපු යෝධ පිරිමි ළමයෙකුට වශී වුණා. අපේ ආදර සම්බන්ධය අවුරුදු 4ක්ම තිබුණා. ඇත්තටම ඔහු මගේ සාර්ථකත්වයේ ලොකු හේතුවක් වුණ බව කියන්නම වෙනවා. මට බර ඉසිලීමේ ව්‍යායාම හොඳටම පුහුණු කළේ ඔහු තමයි. ජිම් එකේ ඉඳපු හැමෝමව පුදුම කරවමින් දවසින් දවස මම වැඩි වැඩියෙන් ශක්තිමත් වුණා.”

”හු`ගක් අය කිව්වේ මගේ මේ ලස්සන මුහුණත් එක්ක මම යන්න ඕන ක්ෂේත‍්‍රය විලාසිතා නිරූපණය කියලයි. ඒත් කවුද කියන්නේ ලස්සන මුහුණු තියෙන අයට කායවර්ධනය අකැපයි කියලා? මම හිතුවක්කාර කෙල්ලක් නිසා දිගටම මම මට ඕනෑ ක්ෂේත‍්‍රයේ දේවල් ප‍්‍රගුණ කළා..”

”මම ජීවත්වෙන රුසියානු සමාජය මාව කොයි විදියට භාරගන්නවද කියන්න මම දන්නෙ නෑ. හු`ගක් බටහිර රටවල ගැහැණු අයට තමන් කැමති දේ කරන්න නිදහස තිබුණට රුසියාවේ තවම ඉන්නෙ ගෑනු බත් උය උයා කුස්සියේ ඉන්න ඕන කියල හිතන මිනිස්සු තමයි. ඇත්තටම මම මේ කරන දේ ගැන මගේ දෙමාපියො වුණත් වැඩිය කැමැත්තක් නැහැ. මගේ ශක්තිජනක කෑම ටික සකස් කරලා දෙන්න වුණත් එයාලා වැඩි උනන්දුවක් නැත්තේ මම හිතුවක්කාර නිසයි.”

”ඉතින් මමම පුළුවන් විදියට මගේ පෝෂණය ගැන උනන්දු වෙනවා. ලොකු දේවල් නැතත් මම නිතර ධාන්‍ය, කුකුළු මස්, හරක් මස්, බිත්තර, ඕට්ස්, සහ අලූත් එළවළු කනවා. පෝෂණ අතිරේක කිරි වර්ගයක් පානය කරනවා.මේ දේවල් හොඳටම ප‍්‍රමාණවත් මගේ වගේ ශරීරයක් හදාගන්න..”

ජුලියා සිය පෝෂණ රහස් එළිකරන්නේ එලෙසිනි. ශක්තිමත් සිරුරක් වෙනුවෙන් වෙහෙසුණත් ඇය මනස ගැනද අවධානය අඩු කර නැති සැටියකි.

”ශරීරයේ පෙනුම වටිනවා. ඒ වගේම මනසත් හරි වටිනවා. ශරීරයෙන් කොයි තරම් පෙනුමට හිටියත්, හොඳ හදවතක් නැත්නම් වැඩක් නැහැ. අපි අනික් මිනිස්සුන්ට උදවු කරන්න ඕන. ඒ වගේම ආදරය කරන්න ඕන.. කායවර්ධන ශූරියක් වුණත් මට ඒ පණිවිඩය ලෝකයට ගෙනියන්න ඕන..මම වගේ වෙන්න කැමති කවුරු හරි මගෙන් මොනම විදියක හෝ උපදෙසක් උදවුවක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් මම මට පුළුවන් උපරිම දේ කරනවා…” ඇය කතාව අවසන් කරන්නේ ඒ අයුරිනි. යෝධයෙකුගේ ඇ`ගක්, බෝනික්කෙකුගේ මුහුණක්, ඇති ඇයට යෝධ හිතක් ද තිබෙන බව එයින්ම තහවුරු වේ.

සාවිත‍්‍රි විතානගේ – රිවිර පුවත්පත


මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ගෙදර ඉඳන් අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි – ඊ-මනි හොරුන්ට හසුවෙන්න එපා

වර්තමානයේ විවිධ වෙබ් අඩවි වලින් පළ කරන විවිධ දැන්වීම් අතරින් වැඩි අවධානයට ලක් වෙන දැන්වීමක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!