page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / bad weather / දිස්‌ත්‍රික්‌ක 4කට රතු නිවේදන | සහන සැලසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින්

දිස්‌ත්‍රික්‌ක 4කට රතු නිවේදන | සහන සැලසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින්

දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් දිස්‌ත්‍රික්‌ක 4 කට නායයැම් අනතුරු ඇඟවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පියවර ගෙන ඇත.

ඒ අනුව කළුතර, රත්නපුර, නුවරඑළිය සහ කෑගල්ල යන දිස්‌ත්‍රික්‌කවල කඳුකර බෑවුම්වල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසට ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

අධික වර්ෂාව තවදුරටත් පැවතුණහොත් නායයැම් සිදුවිය හැකි බව ද, එම ප්‍රදේශවල හදිසි තත්ත්වයක්‌ ඇතිවුවහොත් සහන සැලසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා බව ද එතුමන් පවසනවා.

ගතවූ පැය 24 තුළ අනුරාධපුර, ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ, රත්නපුර, පොළොන්නරුව, පුත්තලම සහ අම්පාර යන දිස්‌ත්‍රික්‌කවල ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇති වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ දිනයේ උපරිම වර්ෂාපතනය මිමි 164.2 ක්‌ ලෙස අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ හුරුළුවැව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. උපරිම උෂ්ණත්වය සෙල්යියස්‌ අංශක 35.1 ක්‌ ලෙස පොළොන්නරුව ප්‍රදේශයෙන් ද සහ අවම උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 13.8 ක්‌ ලෙස නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පළාත් 11 කට මිමි 50-100 ත් අතර වර්ෂාපතනයක්‌ ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

හැමෝම දැනුවත් කරන්න හැකිතාක් ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!