page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / පෙම්වතියගේ ගෙල කපා පැනගිය පරිගණක ගුරා මාට්ටු

පෙම්වතියගේ ගෙල කපා පැනගිය පරිගණක ගුරා මාට්ටු

වලපනේ මිල්ලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන පරිගණක පුහුණු ආයතනයක පරිගණක උගන්වන විසි දෙහැවිරිදි ගුරුවරියක්‌ සමග ප්‍රේම සම්බන්ධතාවයක්‌ මත ඇතිවූ ආරවුලක්‌ නිසා ඇගේ ගෙළ ප්‍රදේශය කුඩා පිහි තලයකින් කපා තුවාල සිදුකළ බව කියන විසි දෙහැවිරිදි තරුණයකු රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස වලපනේ වැඩබලන දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් කුමාරි ජයවර්ධන මහත්මිය නියෝග කළාය.

පිළිමතලාව මැණික්‌දිවෙල කොටලිගොඩ ඇමබුරුපිටිය පදිංචි තරුණයකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළේය.

මෙම පරිගණක ගුරුවරිය මහනුවර ප්‍රදේශයේ පරිගණක පුහුණු ආයතනයක පරිගණක පුහුණුවකට යමින් සිටිත් දී දැන හඳුනාගෙන ඇති මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර මෙම ප්‍රේම සම්බන්ධතාවය නතර කර ගුරුවරිය වෙනත් තරුණයෙකු හා ප්‍රේම සම්බන්ධතාවයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත මෙම තරුණයා පරිගණක ගුරුවරියගේ දුරකථනය පරීක්‍ෂා කිරීමේදී වෙනත් තරුණයෙකු හා ප්‍රේම සම්බන්ධතාවයක්‌ පවත්වාගෙන යන බවට හෙළිවී ඇති වූ කෝපයෙන් පසු ඇය සේවය කරන පරිගණක පුහුණු ආයතනය වෙත කුඩා පිහි තලයක්‌ රැගෙන පැමිණ පරිගණක ගුරුවරියගේ ගෙළ ප්‍රදේශය කපා දමා තුවාල සිදුකර පළාගොස්‌ ඇත.

මෙම තරුණයා අතේ හා ඇඳුම්වල ලේ තැවරී වලපනේ ප්‍රධාන බස්‌ නැවතුම් පළේ බස්‌ රථයක අසුන්ගෙන සිටින අයුරු බස්‌ නැවතුම් පළේ නිලධාරියෙකු දැක මේ බව රාජකාරි කටයුතුවල යෙදී සිටි වලපනේ මූලස්‌ථාන පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරියෙකුට දන්වා සිටීමෙන් පසු එම නිලධාරියා පැමිණ තරුණයා පරීක්‍ෂා කර බලා අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් පරීක්‍ෂා කිරීමේදී තරුණයා ළඟ පිහියක්‌ හා ටයිපටියක්‌ද තිබී සොයාගෙන තිබේ තරුණයා මෙම පරිගණක ගුරුවරියගේ ගෙළ ප්‍රදේශය කපා දැමීමෙන් පසු සියදිවි හානිකර ගැනීමට තැත් කළේද යන්න පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.

වලපනේ සහකාර පොලිස්‌ අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාරනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ වලපනේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්.ආර්.එම්.එස්‌. කුමාරසිරි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්විණි. පොලිස්‌ පරීක්‍ෂිකා දේවිකා කරුණාරත්න මහත්මිය සමග නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියහ.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!