page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / bad weather / ප්‍රදේශ දහයකට නායයෑම් අවධානමක්

ප්‍රදේශ දහයකට නායයෑම් අවධානමක්

වැසි පවතින ප්‍රදේශවල ජනතාව නායයෑම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරදන, කලටුවාව බටරහිර, මාකොට, දෙයියගල, විලේගොඩ, බෝපත්ත, අත්ගඟුල, මහහර, තලවිටිය සහ අරපොල යන ප්‍රදේශවල නායයෑම් අවදානම පතින බව එම මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

එමෙන්ම අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නමුණුතැන්න, ගංගොඩකන්ද, සිංහලගොඩ, ගලතුර, අවිච්චිකන්ද, ගවරගිරිය, දුම්බරමනාන, උඩුගල, කොලඹෑව, උමංගෙදර, කොටපොල සහ පිටබැද්දර යන ප්‍රදේශවල ද නායයෑමේ අවදානම් මතුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර කළුතර සහ හොරණ ඇතැම් ප්‍රදේශවල මේ වන  විටත් වැසි සහිත කාලගුණයක් පවතින අතර ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බව ද වාර්තාවේ.

රත්නපුර දිස්ත්රි‍ක්කයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බව දිස්ත්‍රීක් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ප්‍රකාශ කළේය.

හිතවතුන් දැනුවත් කරන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!