page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / bad weather / ඇහැලියගොඩ අවදානම් කලාපයත්, ජනතාව ඉවත්වෙන්න.. මෙය හැකිතාක් ශෙයාර් කර දැනුවත් කරන්න

ඇහැලියගොඩ අවදානම් කලාපයත්, ජනතාව ඉවත්වෙන්න.. මෙය හැකිතාක් ශෙයාර් කර දැනුවත් කරන්න

අද (07) වන දින පෙ.ව.6.30ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් සිදු කළ විශේෂ නිවේදනයේ ද සඳහන්ව ඇත්තේ දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත්වලත්, ගාල්ල සහ මාතර දිසුත්‍රික්කවලත් ඉතා තද වැසි (මි.මී.100-150ක පමණ) ඇතිවිය හැකි බව එම මධයස්ථානය පවසයි. ඊට අමතරව ඌව පලාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තද වැසි  (මි.මී.100ක පමණ) ඇති වීමටද ඉඩකඩ ඇති බව සඳහන් වේ.

ඇද හැලෙන දාරානිපාත වර්ෂාව නිසා ඇහැළියගොඩ ප‍්‍රදේශයේ අවදානම් කලාපවල සිටින වැසියන් වහාම එම කලාපවලින් ඉවත් වී ආරක්‍ෂක ස්ථාන වෙත ගමන් කළයුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මද්‍යස්තානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මේ බව සඳහන් කළා.

මෙම තද වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ එම ප්‍රදේශවල  ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව සිටින ලෙසත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසත්  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන්  ඉල්ලා සිටියි.

හැමෝම දැනුවත් කරන්න ශෙයාර් කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

One comment

  1. I see you don’t monetize your blog, don’t waste your
    traffic, you can earn extra cash every month because you’ve
    got hi quality content. If you want to know how to make extra bucks, search for: best
    adsense alternative Dracko’s tricks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!