page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Off road / බිනර පුන් පෝය දා පොලිසියේ නරුමයෙක් වයසක අම්මාගේ රු. 720කට විදලා

බිනර පුන් පෝය දා පොලිසියේ නරුමයෙක් වයසක අම්මාගේ රු. 720කට විදලා

රිය අනතුරකට ලක්ව කැඩී බිඳී ගිය පාදය සුවකර ගැනීම සඳහා පුන් පොහොය දිනයේ අනුරාධපුර අටමස්ථාන භූමියට පැමිණි අසරණ මවක් එක්කාසු කරගත් රුපියල් 720ක මුදල අනුරාධපුර උඩමළුව පොලිසියට අනුයුක්තව රාජකාරියේ සිටි නිලධාරියකු විසින් ඇය බිය වද්දා පැහැරගෙන ගොස් ඇත. මේ මව හඬා වැටෙමින් සිටියදී (5දා) රුවන්මැලිසෑ මළුවේදී හමුවිය.

2016 වර්ෂයේදී රිය අනතුරකට ලක්වීම නිසා ඇයගේ දකුණු පාදයට බරපතළ තුවාල සිදු වී ඇති අතර එම පාදය යථා තත්ත්වයට පත්කර ගැනීමට නම් රුපියල් 12,000ක මුදලක් අවශ්‍ය වන බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඇයට රුපියල් 12,000ක් සොයා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන නිසා පොහොය දිනයේ ශ්‍රී මහ බෝධිය රථගාල ආසන්නයට පැමිණ ලැඟුම්ගෙන සිටියදී හදවත් කම්පාවන මිනිසුන් ඇයට එම ශල්‍යකර්මය සඳහා අවශ්‍ය මුදල තර කර ගැනීමට සුළු මුදලින් ආධාර කර තිබේ.

ඒ ආසන්නයේ සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇයට මුදල් එක්කාසු වන අන්දම දෙස බලා සිට එක්වරම එහි ගොස් අත්අඩංගුවට ගන්නා බව පවසමින් ඇය බිය ගන්වා පිනට දී තිබූ රුපියල් 720ක මුදල පැහැරගෙන තිබේ. පොලිස් නිලධාරියා හමුවේ අසරණ වූ මව අනේ මහත්තයෝ මම මෙතැනින් යන්නම් සල්ලි ටික දෙන්නැයි හඬා වැටෙමින් අයදිද්දී ඔහු කාන්තා පොලිස් නිලධාරිනියක් කැඳවා අත්අඩංගුවට ගන්නවා යැයි පවසා ඇය බියට පත්කර තිබේ. බියට පත්වූ අසරණ කාන්තාව මුදල්ද එපා කියමින් හඬා වැටෙමින් එම ස්ථානයෙන් නික්ම ගොස් තිබේ.

පොලිස් නිලධාරියාගේ පහත් රාජකාරිය විඳදරා ගත නොහැකි වූ ඇහැටුවැව ලෝලූගස්වැව ඇලයාපත්තුව ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. ඒ. කරුණාවතී (60) මහත්මිය හඬා වැටෙමින් මෙසේ පැවැසුවාය. මගේ මහත්තයාගේ සුෂුම්නාවට තුවාල වෙලා නැඟිට ගන්න බෑ. මේ දවස්වල අපිට ජීවත් වෙන්නවත් විදියක් නෑ. රජයෙන් දීපු නියං ආධාරත් දැන් ඉවරයි.

ඒ නිසා උඩමළුවට ඇවිල්ලා වාඩිවෙලා හිටියා. වඳින්න ආපු අය මට මුදල් දුන්නා. මේක බලාගෙන හිටපු පොලිසියේ මහත්වරු දෙන්නකුයි සිවිල් ආරක්ෂක භටයකුයි ඇවිල්ලා බැනලා මෙතැනින් වහාම පිටවෙලා යන්න කියලා එකතු වෙච්ච සල්ලි ටික අරගත්තා. මම සල්ලි ටික ඉල්ලුවහම අර පොලිස් කාන්තාව එන්නේ අරගෙන යන්න කිව්වා. මම බයට අඬ අඬා එතැනින් එද්දී ඒක බලන් හිටපු මහත්වරු වගයක් ඔය මිනිස්සුන්ගේ හදවතක් නෑ අම්මේ කියලා මට රුපියල් 1,000ක් එක්කාසු කරලා දුන්නා.

කිහිලිකරුවෙන් බොහොම අමාරුවෙන් යන්නේ එන්නේ. මම හිඟාකන කෙනෙක් නෙවෙයි. හොඳට හිටපු කාලේ ගමට සමාජ සේවා රැසක් කළා. හිටපු ජනාධිපතිතුමාට කියලා අපේ ගමට බස් එකකුත් අරන් දුන්නා. මම අනතුරට ලක්වෙලා ඉද්දිත් ලංගම ඩිපෝවේ මහත්වරු මට පුදුම විදියට උදවු කළා. අෑ හඬා වැටෙමින් පැවැසුවාය.

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!