page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / සාමනේර හිමිනමකට ලිංගික අපචාර කළ චීවරධාරියා අත්අඩංගුවට

සාමනේර හිමිනමකට ලිංගික අපචාර කළ චීවරධාරියා අත්අඩංගුවට

ආරච්චිකට්ටුව – බණ්ඩාරහේන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිටි වයස අවුරුදු 11 ක් වන සාමනේර නමකට ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 22 හැවිරිදි චීවරධාරියෙක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.(04) වැනිදා සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

අපයෝජනයට ලක්ව ඇති සාමනේර ස්වාමීන් වහන්සේ මේ වන විට හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් හලාවත මහා රෝහල, ආරච්චිකට්ටුව පොලිසියට දැණුම් දීමෙන් අනතුරුව සැකකාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.

-ජනයුගය පුවත්පත

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!