page hit counter
Monday , December 18 2017
Breaking News
Home / තරු හුට පට / ඔයාට තමයි බැරි… බලන්න අර වික්ටර්…

ඔයාට තමයි බැරි… බලන්න අර වික්ටර්…

වික්ටර්ට පරිවාරයක් හමුවුණා… සබඳතාවන් කුළුපග වුණා… කුළුපගතාවන් වැඩි වෙනකොට සබඳතාව ගැඹුරු වුණා… කේන්ද්‍රය හමුවුණ තැනදි ආදරය සෙට් වුණා… ඉතින් දෙන්නා එකතු වුණා.

ඔව්… වික්ටර් කියන්නෙ මනසක් තියෙන, හදවතේ මිනිහෙක්. හදවතේ මිනිස්සුන්ගෙ වචන කියන්නෙ අත්දැකීම්…

අත්දැකීම් නැති මිනිස්සුන්ට තියෙන්නෙ වචන. ඒ කියන්නෙ කතන්දර… කතන්දරකාරයන්ට කියන්නෙ මනසේ මිනිස්සු කියලා.

උන් කන්නෙ හොරෙන්, බොන්නෙ හොරෙන්, ලව් කරන්නෙ හොරෙන්, ගෑනු එක්ක යන්නෙ හොරෙන්, ගෑනු මිනිස්සු එක්ක යන්නෙ හොරෙන්, ආතල් ගන්නෙ හොරෙන්…

එහෙම තමයි.., හදවතේ මිනිස්සු ලව් කරනවා… මනසේ මිනිස්සු පව් කරනවා…

ෂේම් කල්චර් එකක වික්ටර් කියන්නෙ අපිට අනුව පොරක්. අනිත් එවුන් හොරෙන් කරන දේවල් එයා එළිපිට හැමෝටම පේන්න කරනවා…

‘වික්ටර් ආයෙ බැන්ද ලු…’

ඔව්… මොකද්ද ඉතින් අවුල..?

‘ඒක වශියක් ලු…’

ගොඩක් මනසේ මිනිස්සු වික්ටර්ගෙ ඇත්ත පිළිගන්න තැනක් හොයනවා…

‘අටවක පුත්තු’ හෙලුව වහගන්න කණ්ණාඩි ඉස්සරහා පට්ට ගේමක් දෙනවා… ඒ අස්සෙ වික්ටර් හෙමින් ආයෙත් මෙහෙම කියනවා…,

‘ඇඳිරියෙද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ එනු මැනවි රස බලනු සෙවණක එකම පැල්පතේ…’

ඔව්… වික්ටර්, කැත මිනිස්සු කණ්ණාඩිවලට බයයි…

ඔබට සුබපැතුම්..!

-සත්හඩ

ඔබටක් යමත් වැටහුනානම් පහතින් ශෙයාර් කරන්න

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!