page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / 22 හැවිරිදි සරසවි සිසුවිය කළුතර පාලමින් ගඟට පැනලා

22 හැවිරිදි සරසවි සිසුවිය කළුතර පාලමින් ගඟට පැනලා

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක ඊයේ (8දා) උදේ 6.45 ට පමණ කළුතර පාලම උඩින් කළුගඟට පැන ඇති අතර ඇය බේරාගැනීමට නාවික හමුදාව පියවර ගෙන තිබිණි.

22 හැවිරිදි වියේ පසුවන මෙම ශිෂ්‍යාව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සැඩ පහරට ගසා ගෙන ගිය ඇය නාවික හමුදාව බෝට්‌ටුවකින් ගොස්‌ ක්‍ෂණිකව මුදාගෙන ප්‍රතිකාර සඳහා කළුතර නගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන ඇය සිය දිවි හානිකර ගැනීමට කළුගඟට පනින්නට ඇතැයි පොලිසි සැක පහළ කරයි. කළුගඟට පැන්න හේතුව පොලිසියට ප්‍රකාශ කිරීමෙන් ඇය වැළකී ඇතැයි ද පොලිසිය පවසයි.

මෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යාව ඉමදුව ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ බවද පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!