page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / එක්නැලිගොඩ මරලා අත කපලා ගෝටාට ගෙනත් දුන්නා – ගෝටා එක්නැලිගොඩගේ අත මෝරුන්ට කන්න දැම්මා.

එක්නැලිගොඩ මරලා අත කපලා ගෝටාට ගෙනත් දුන්නා – ගෝටා එක්නැලිගොඩගේ අත මෝරුන්ට කන්න දැම්මා.

ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ යනු මෙරට මාධ්‍යය ක්ෂේත්‍රයේ සිටි දැවැන්තයන් බව ඔබ අවිවාදයෙන් පිළිගන්නා කාරණයකි.

ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එසේම මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇති අතර මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා ඇත.

මෙම කණ්ඩායම විසින් ජංගම දුරකථන සිම් කාඩ් පත් 5ක් භාවිතා කර ඇති බවත්, මෙම සිදුවීම් හා සම්බන්ධ සියලු ඇමතුම් ලබාගෙන ඇත්තේ එම සිම් කාඩ් යෙදූ දුරකථනවලින් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන ඇති අතර මෙම සිද්ධියට අදාළව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගත් බවත්, එවක කොළඹ හා තදාසන්න ප්‍රදේශ බාරව සිටියේ මේවන විට විශ්‍රාමික මේජර් ජෙනරාල් අජිත් පෙරේරා බවත්, ඔහු නිසි ලෙස රාජකාරි නොකළ බවත් ෆොන්සේකා මහතා ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම්දී ඇත.

එමෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධවද මේ වන විට පරිෂණ ක්‍රියාත්මක වෙමින් පවති.එම පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ නිලධාරින් හයදෙනකු, හිටපු කොටි සාමාජිකයකු සහ තවත් පුද්ගලයකු ගිරිතලේ බුද්ධි කඳවුර වෙත ගොස් යම් ආකාරයේ තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට කටයුතු කළහ. එහිදී හෙලිකර ගැනීමට නොහැකි වූ බවත් තොරතුරු ගණනාවක් ඇති බව පැවසේ. ඒවා සොයා ගැනීමට රහස් පොලිසියත් එක්නැලිගොඩ නඩුවේ රජයේ නීතිඥවරයාත් හමුදාපතිවරයාගේ සහාය අධිකරණය හරහා ඉල්ලා සිටියේය.

එහිදී පසුගියදා රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ එම බුද්ධි බළකා කඳවුර මඟින් පවත්වාගෙන ගිය ලේඛන 14කට අදාළ තොරතුරු යුද්ධ හමුදාවෙන් ඉල්ලා සිටියත් ඒවා හරිහැටි නොලැබී ඇති බවය.

එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් දෙන ලද නියෝගයකට අනුව යුද්ධ හමුදාපතිවරයා විසින් එම අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටියේ එම කඳවුරට සීල් තබන ලද්දේද ඒ සඳහා වෙයි.

2010 වසරේ අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගිරිතලේ කඳවුර වෙත ගෙන ගොස් ‍රඳවා සිටින බවට රහස් පොලිසිය හෙලිකරගත් තොරතුරු මත රහස් පොලිසිය ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් සිටියි.

මෙලෙස ගිරිතලේ කඳවුරේ රදවාගෙන සිටි ප්‍රගීත් එක්නැලිගොඩගෙන් මිග් යානා ගනුදෙනුව පිලිබදව ඔහු විසින් සොයාගෙන තිබු කරුණු සහ ඒවා තවත් පාර්ශවයන් වෙත ලබා දුන්නේදැයි ප්‍රශ්න කර ඇත.මෙම මිග් යානා ගනුදෙනුව පිලිබදව චෝදනා එල්ල

වී ඇත්තේ ගෝටාභය රාජපක්ෂටය.මෙලෙස ප්‍රශ්න කෙරුණු පසු ප්‍රගීත් එක්නැලිගොඩ මරාදමා ත්‍රිකුණාමල මුහුදට දමා ඇති බවත් ඔහුගේ අත කපා ගෝටාභය රාජපක්ෂ වෙත ගෙන ආ බවත් මේ වන විට අනාවරණය වී ඇත.එම අත ඔහු විසින් මිනී මෝරුන්ට දමා ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව මේ පිලිබදව නඩුවේ තීන්දුව ඉදිරියේදී අධිකරණය මගින් ලබාදීමට නියමිතව ඇත.
-niyamagossip

Check Also

ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම තියද බලන්න මෙතැනින්

2017 නව ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවන කිසිදු පුද්ගලයකුට ඉදිරි වසරේ පවත්වන මැතිවරණවලදී ඡන්ද ප්‍රකාශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!