page hit counter
Monday , December 18 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / muttiah muralitharan / මුරලිගේ පියා වන සින්නයියාගෙන් මල්වතු මහ නාහිමිට පැමිණිල්ලක්

මුරලිගේ පියා වන සින්නයියාගෙන් මල්වතු මහ නාහිමිට පැමිණිල්ලක්

මහනුවර පල්ලෙකැලේ පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුත්තයියා මුරලිදරන්ගේ නම යොදා තිබුණද මේ වන විට එම නාමය ඉවත් කර ඇතැයි මුරලිදරන්ගේ පියා වන සින්නයියා මුත්තයියා විසින් මල්වතු මහ නාහිමියන් වෙත පැමිණිලි කරන ලදැයි වාර්තා වේ.

ඊයේ මහනුවර මල්වතු නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ සින්නයියා මුත්තයියා මහතා මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහු මහ නාහිමියන් වෙත තවදුරටත් පෙන්වා දී ඇත්තේ තම පුත් මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කඩුලු 800ක් ගැනීමෙන් පසුව පසුගිය රජය සමයේ තම පුතාගේ නමින් පල්ලෙකැලේ ක්‍රීඩාංගණය නම් කළද කවුරුන් විසින් හෝ ඒ නම මේ වන විට ඉවත් කර ඇති බවයි.

Check Also

“ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේ තත්වයට වැටෙන්නට එපා” – අමාත්‍ය අර්ජුන මහතාගෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ඉල්ලීමක්..

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගගනයේ දී  (27) සිදුවු අන්දමේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ සිදුවිය යුතු නැතැයි ඛණිජ තෙල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!