page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ඇෆ්ගිනිස්ථානයේ කාබුල් නුවර බෝම්බයක් පුපුරායයි | සනත් ජයසූරිය, මහරුෆ්, අශාන් ප්‍රියංජන 99න් බේරෙයි

ඇෆ්ගිනිස්ථානයේ කාබුල් නුවර බෝම්බයක් පුපුරායයි | සනත් ජයසූරිය, මහරුෆ්, අශාන් ප්‍රියංජන 99න් බේරෙයි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය අසල ක්‍රීඩාංගණයක පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම සිදුවීම සිදුව ඇත්තේ එරට ක්‍රිකට් තරඟාවලියක් අතරතුරුදී වන අතර ඒ සඳහා සනත් ජයසූරිය, මහරුෆ්, අෂාන් ප්‍රියංජන ද සහභාගී වී තිබෙනවා.

Shpageeza Cricket League නමින් පැවැත්වූ එම තරඟාවලියෙන් පසුව සනත් ජයසූරිය හා මහරුෆ් අද (14) අළුයම දිවයිනට පැමිණ ඇති අතර බෝම්බය පුපුරායන අවස්ථාවේ ඔවුන් වාසනාවකට මෙන් එහි සිට නැහැ. කෙසේ නමුත් අශාන් ප්‍රියංජන තවමත් තරඟාවලිය සඳහා සහභාගී වෙමින් සිටින අතර බෝම්බය පුපුරායාමෙන් ඔහුට කිසිදු අනතුරක් සිදුව නැහැ.

ත්‍රස්ථවාදී කණ්ඩායමක් විසින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකරන්නට ඇති බව එරට ආරක්ෂක අංශ සැක පළකරනවා. මේ පිළිබඳව එරට පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව උදෙසා විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන් පවසා තිබෙනවා.

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!