page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / රනිල්ගෙන් මහින්දට කළු කෝපි.. මහින්ද එක්ක ආපු අයටත් කළු කෝපි

රනිල්ගෙන් මහින්දට කළු කෝපි.. මහින්ද එක්ක ආපු අයටත් කළු කෝපි

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයාගේ දියණිගේ විවාහ මංගල උත්සවයට එක්වූයේ තවත් දේශපාලනඥයන් කිහිප දෙනකු සමගය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද එහි පැමිණ සිටියේය.
“ජේ.සී. මන්ත්‍රීතුමාගේ තාත්තයි මමයි 77 ඡන්දයේදී එකට පාර්ලිමේන්තුවට ආවේ. මම බියගමින් එනකොට අලවතුවල මන්ත්‍රීතුමා දොඩගම්ගස්ලන්දෙන් ආවා” රනිල් කීවේ අලවතුවල පවු‍ලේ දේශපාලන ඉතිහාසය ගැන සිහිපත් කරමින්ය.

මේ අතර මහින්දට රනිල් හමුවීමට අවශ්‍ය බව පසුගිය සතියේදී දැනුම්දී තිබුණේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී එම හමුව සංවිධානය කර තිබුණි.

රනිල්ගේ නිල කාර්යාලයට පැමිණි මහින්දට සුපුරුදු පරිදි රනිල් කළු කෝපි සංග්‍රහයක් සූදානම් කර තිබුණි. මහින්ද සමග ගිය අනෙක් මන්ත්‍රීවරුන්ටද රනිල්ගේ කළු කෝපි සංග්‍රහය බුක්ති විඳීමට අවස්ථාවක් ලැබුණේය.

“පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙනාවේ කෙළින්ම පාර්ලිමේන්තුවටයි. ඒ නිසා අපිට අධිකරණයට යාමට අවස්ථාවකුත් නෑ. සමෘද්ධි නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්න බෑ. විදුහල්පතිවරුන්ට ඊට වඩා වැඩි බලපෑමක් කරන්න පුළුවන්. හිටපු හමුදාපතිවරයා ඊයේ අයින් වෙලා අද ඡන්දයකට යන්න අවස්ථාවක් ඒ කාලයේ ලබාදී තිබුණා” ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

“අපි පක්ෂ නායක රැස්වීමක් කැඳවලා මේ ගැන කතා කරමු” රනිල් කෙටියෙන්ම පිළිතුරු දුන්නේය.

Check Also

ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම තියද බලන්න මෙතැනින්

2017 නව ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවන කිසිදු පුද්ගලයකුට ඉදිරි වසරේ පවත්වන මැතිවරණවලදී ඡන්ද ප්‍රකාශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!