page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / හිඟුරක්‌ගොඩ රෝහලට ගෙනා හදවත් රෝගියා විදුලිය නැති නිසා පොළොන්නරුවට ගෙන යද්දී මියයයි

හිඟුරක්‌ගොඩ රෝහලට ගෙනා හදවත් රෝගියා විදුලිය නැති නිසා පොළොන්නරුවට ගෙන යද්දී මියයයි

හිඟුරක්‌ගොඩ රජයේ රෝහලට ඊයේ (14 දා) අලුයම 3.30 ට පමණ රැගෙන ආ හෘද රෝගියකු එම අවස්‌ථාවේ රෝහලේ විදුලිය විසන්ධි වී තිබූ නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට නොහැකිවීමෙන් වෛද්‍ය උපදෙස්‌ මත පොළොන්නරුව මහ රෝහලට රැගෙන යැමේදී මියගොස්‌ ඇත. ත්‍රිරෝaද රථයකින් රැගෙන ආ එම රෝගියා පොළොන්නරුව මහ රෝහල වෙත රැගෙන ගොස්‌ ඇති අතර රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ හිඟුරක්‌ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‌ෂක එම්. ජී. සුනිල් කරුණාරත්න (56) මහතායි.

හිඟුරක්‌ගොඩ, කුමාරගම පදිංචි එක්‌ දරු පියකු වන ඒ මහතා හෘදයාබාධය වැළඳී ත්‍රිරෝද රථයකින් රෝහලට රැගෙනවිත් ඇත්තේ හිඟුරක්‌ගොඩ රෝහලේ සිට කිලෝමීටර් 03 ක්‌ පමණ දුරින් පිහිටි ඔහුගේ නිල නිවසේ සිටය.

එම අවස්‌ථාවේ රෝගියා හිඟුරක්‌ගොඩ රෝහලට ඇතුළු කොට ප්‍රතිකාර ලබාදීමට විදුලිය නොමැති හෙයින් පොළොන්නරුව මහ රෝහලට රැගෙන යන ලෙස වෛද්‍යවරයා උපදෙස්‌ දුන් නිසා කිලෝමීටර් 18 ක්‌ පමණ දුර ගෙවා පොළොන්නරුව මහ රෝහල වෙත රැගෙන ආ බවත් රෝහලට ඇතුළු කිරීමට පෙර ඔහු මියගොස්‌ ඇති බව පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන්ගෙන් දැනගැනීමට ලැබුණු බවත් රෝගියාගේ භාරකරුවෝ කීහ.

අප මේ සම්බන්ධයෙන් හිඟුරක්‌ගොඩ රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජගත් විමලරත්න මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ එම රෝගියා රැගෙන එන අවස්‌ථාවේදී රෝහලේ විදුලිය විසන්ධි වී තිබූ බවත් විදුලි බල මණ්‌ඩල සේවක වැඩ වර්ජනය නිසා එය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වූ බවත්ය. රෝගියා හිඟුරක්‌ගොඩ රෝහලට ඇතුළත් කිරීමට රැගෙන ආ අවස්‌ථාවේ රාජකාරි කරමින් සිටි වෛද්‍යවරයා රෝගියාව පොළොන්නරුව මහ රෝහලට රැගෙන යන ලෙස භාරකරුවන්ට උපදෙස්‌ දී ඇත්තේ ඊ. සී. ජී. වාර්තා ආදිය ලබා ගැනීමට විදුලිය පහසුකම් නොමැති නිසා බවද හෙතෙම කීය.

මෙම රෝහල සතුව විදුලිය ජනක යන්ත්‍රයක්‌ද තිබෙන නමුත් එයද ක්‍රියාවිරහිත වීමෙන් අලුත්වැඩියාවට යොදවා තිබූ බව දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරිවරයා කීවේය.

මියගිය මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‌ෂණය සහ පශ්චාත් මරණ පරීක්‌ෂණය ඊයේ (14 දා) පොළොන්නරුව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
-දිවයින පුවත්පත

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!