page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / තරු හුට පට / කෝපි කඩේ කුරුංගොයියා ගැන බිරිඳ කියන සංවේදී කතාව ඔබත් අහන්න

කෝපි කඩේ කුරුංගොයියා ගැන බිරිඳ කියන සංවේදී කතාව ඔබත් අහන්න

කෝපි කඩේ කුරුංගොයියා කිව්වාම කවුද නොදන්නේ. කුරුංගොයියා විදියට දශක ගණනක් තිස්සෙ ඔබ හමුවට ආ “කේ.ඒ. පියකරු” සිනමාව හා වේදිකාව තුළත් දීර්ඝ කාලයක් රැඳී සිටින දක්ෂ නළුවෙක්. ඒත් අද වන විට මේ කලාකරුවා දැඩි ලෙස ගිලන්ව ඇඳක වැතිරිලා ඉන්න බව මේ වන විටත් ඔහුට ආදරේ කරන රසික පිරිස නොදන්නවා වෙන්න ඇති. අංශභාග රෝගී තත්ත්වයෙන් දවස් ගණනක් කළුබෝවිල රෝහ‍ලේ ගත කරපු කේ.ඒ.පියකරු තවමත් කතා කරන්න සුදුසු මට්ටමක නැහැ. ඒ හින්දා අපි ඔහුගේ ආදරණීය බිරිඳ ප්‍රේමා අල්විස් සමග මේ විදියට කතා කළා.

“අවුරුදු ගණනක් කකු‍ලේ ආබාධයක් තිබුණා. කුද්දැටි ආවා.

කුෂ්ටයක් වගේ ආවා. අපි බෙහෙත් කළා. මහත්තයා ලෙඩ තිබුණත් රඟපාන්න ගියා. ඒත් මෑත කාලයේ ලියවුණු කෝපිකඩේ ටෙලි නාටයේ එයාගේ චරිතය ගැන ලියවුණේ නැහැ. ඒ ගැනත් හිත් රිදීමෙන් තමයි හිටියේ. කොහොම හරි මීට සති කිහිපයකට කලින් හිටි හැටියේ අතපය පණ නැති ගතියක් ආවා. මොළයේ ‍ලේ කැටියක් හිරවෙලා කියලයි වෛද්‍යවරු කිව්වේ. ඊට පස්සේ තමයි කළුබෝවිල රෝහලට ඇතුළත් කළේ”.

කලාකරුවන් සුපිරි ජීවිත ගෙවන රටවල් තියෙනවා. ඒත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කේ.ඒ. පියකරු වෙනත් රැකියාවක් කළේ නැහැ. පූර්ණ කාලය කලාවට කැප කරලා බිරිඳයි දුවයි, පුතයි එක්ක ඔහු ජීවිතය ගෙන ගියා. අද වනවිට ඔහුගේ පුතා අජිත් විවාහ වෙලා දරු මල්ලන් පවා ලබලා ඉන්නවා.

දියණිය කලණිත් විවාහකයි. ඇයටත් දරු දෙදෙනකු ඉන්නවා. බිරිඳගේ, දරුවන්ගේ, මුණුබුරු, මිණිබිරියන්ගේ ආදරය කේ.ඒ. පියකරුට ලැබෙනවා. ඒත් උද්ගත වූ අනපේක්ෂිත අභාග්‍ය සම්පන්න සිදුවීමකදී ඔහු අසරණ වීම පුදුමයක් නමෛයි.

“රඟපාන්න වගේම චිත්‍ර අඳින්න මූර්ති අඹන්නත් මහත්තයට පුළුවන්. එයා ඒ වගේ දේවලුත් කළා. කලාව කරලම තමයි අපි අපේ ජීවිකාව ගෙන ගියේ. මමත් රස්සාවක් කරන්නේ නැහැ. මේ වෙලාවේ ප්‍රශ්න තියෙනවා.”

කේ.ඒ.පියකරු කලාකරුවාට පිහිටවීම සඳහා සකල කලා සංගමය මගින් පහුගිය 27 වැනිදා හවස 3ට කොළඹ මහජන පුස්තකාලයේ උපහාර උළෙලක්ද පැවැත්වූවා. රෝහල් ගත කර සිටි කේ.ඒ. පියකරුද වෛද්‍ය උපදෙස් අනුව ඒ උත්සවයට රැගෙන එනු ලැබුවා. එම උපහාර උළෙල ගැන වැඩි විස්තර අපි “සකල කලා සංසදයේ සභාපතිනි” ශ්‍රියානි දිසානායකගෙන් විමසුවා.

සංසදය මගින් කේ.ඒ. පියකරු කලාකරුවාට ලක්ෂ දෙකක මුදල් පරිත්‍යාගයක් කළ බවත් වැඩිපුර මුදලක් ඉදිරියේදී දීමට බලා‍පොරොත්තු වන බවත් ඇය අපට දන්වා සිටියා.

මේ වනවිට කේ.ඒ.පියකරු කලාකරුවාගේ සුවදුක් විමසන්න කෝපිකඩේ පිරිස එනවාද? එදා ඔහුගේ උපහාර උළෙලට ලැබුණු අනුග්‍රහය කෙබඳුද කියා අප ඔහුගේ බිරිඳගෙන් විමසූ විට ඇය පැවැසුවේ හරිම සංවේදී කතාවක්.

“කෝපි කඩේ අය කීපදෙනෙක් ලෙඩ බලන්න ආවා. ඒත් එදා මහත්තයට තිබුණු උත්සවය ආවරණය කරන්න ස්වාධීන රූපවාහිනියෙන්වත් ආවේ නැහැ…”.

ආරියවංශ කුලතිලක – ලක්බිම

එක්වන්න අපගේ Facebook පිටුවට – https://www.facebook.com/gossiplankasinhalanewswebsite/

Check Also

“අධ්‍යක්ෂකවරු ලිංගික අල්ලස් ඉල්ලුවේ නෑ” ඒත් නිළියන්ගෙන් කරදරයි

ටීනා ශනෙල් යනු නිරූපණ ක්ෂේත්‍රයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින නිරූපිකාවක්.මිස් ශ්‍රී ලංකා කිරුළ කිහිප වතාවක්ම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!