page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / SL Army / දියකාවා ඒකාබද්ද යුධ අභ්‍යාසයේ අවසන් මෙහෙයුම මෙන්න – වීඩියෝ සහිතයි

දියකාවා ඒකාබද්ද යුධ අභ්‍යාසයේ අවසන් මෙහෙයුම මෙන්න – වීඩියෝ සහිතයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් 8 වැනි වරටත් සංවිධානය කළ දියකාවා යුද අභ්‍යාසයේ අවසන් යුද අභ්‍යාසය (ඊයේ 14 වැනිදා) ත්‍රිකුණාමලය කුච්චවැලි මුහුදු තීරයේදී පැවැත්විණි.

රටවල් 10 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ තුන්දහසක්‌ පමණ මේ සඳහා සහභාගි වූහ.

යුද හමුදාවේ විශේෂ බළකාය, කොමාන්ඩෝ බළකාය, නාවික සහ ගුවන් හමුදා විශේෂ බළකායන්ට අයත් සෙබළුන් විසින් සතුරු කඳවුරකට ක්‍ෂණිකව පහරදී අත්පත් කර ගැනීම දියකාවා අවසන් යුද අභ්‍යාසය යටතේ සිදුකෙරිණි.

මෙවර දියකාවා පුහුණු අභ්‍යාසය සඳහා යුද හමුදාවේ යාන්ත්‍රික පාබල බලඇණි සහ නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයද එක්‌ව තිබීම විශේෂත්වයකි.

සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ වූ මෙම දියකාවා පුහුණු අභ්‍යාසය 23 වැනිදා තෙක්‌ ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ හම්බන්තොට යන ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙයි.

ඕනෑම සතුරු ප්‍රහාරයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සතු ශක්‌තිය ලෝකයට පෙන්වීමට මෙම දියකාවා පුහුණු අභ්‍යාසය මහඟු පිටිවහලක්‌ වන බව දියකාවා යුද අභ්‍යාසයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවැසීය.

ඊයේ පැවැති අවසන් යුද අභ්‍යාසය නැරඹීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විඡේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුද ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක්‌ද එක්‌ව සිටියහ.

එක්වන්න අපගේ Facebook පිටුවට – https://www.facebook.com/gossiplankasinhalanewswebsite
මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

විශේෂ බලකායේ සුපිරි වැඩ කරුවෙක් නව යුද හමුදාපති ධූරයට පත්වෙයි

හිටපු යුද හමුදාපති ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කිරීමෙන් පසුව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!