page hit counter
Friday , September 22 2017
Breaking News
Home / සුව අරණ / බැදලා තවමත් දරුවන් නැතිව පසු තැවෙන අයට දරුවන් ලබාදෙන වෙද මාමා මෙන්න

බැදලා තවමත් දරුවන් නැතිව පසු තැවෙන අයට දරුවන් ලබාදෙන වෙද මාමා මෙන්න

විවාහ වී වසර හත අටක්‌ ගත වූවත් සමහර අඹු සැමියන්ට මවු පිය පදවිය ලබාගැනීමට දුෂ්කර කාර්යයක්‌ වී තිබේ. බටහිර වෙදකම කළත් දේවාල, කෝවිල් ආදියට ගොස්‌ බාරහාර වුවත් දරුවකු ලබා ගැනීමේ ප්‍රර්ථනාව ඉටුනොවූ බොහෝ අඹු සැමියෝ සිටිති. මෙබඳු දරු දුකින් පෙළෙන වෛද්‍යවරු, නීතිවේදීන්, පරිපාලන නිලධාරීන් වැනි අයද සිටිති මෙබඳු අඹුසැමියන් නිතර දෙවේලේ ගමේ වෙද මාමා හමුවීමට දිවයිනේ හතර දිග් භාගයෙන් පැමිණෙන අතර එසේ පැමිණෙන අඹු සැමියන් දහසක්‌ පමණ දෙනා මේ වන විට දරුවන් ලැබ මවුපියන් බවට පත්වී ඇති අන්දම වෙද මාමාගේ වෙදපොත බැලීමෙන් පැහැදිලි වේ.

දරුවන් නැති අඹුසැමි යුවළකට දරුවකු ලබාදීමට අතොරක්‌ නැති වෙදහෙදකම් කරන්නේ නැත. එක්‌ අවස්‌ථාවක්‌ හැරෙන්නට කෙම්පහන් කරන්නේද නැත. කිසිදු මුදලක්‌ අය කරන්නේ ද නැත. නමුත් මානව සමාජයේ චිරස්‌ථිතිය සඳහා නිශ්ශරණාධ්‍යාශයෙන් යුතුව මේ වෙදකම කරගෙන යායුතු යයි වසර 700 කට වඩා පැරණි ආරම්භක පුස්‌කොළ පොතේ මුලටම සඳහන් කර තිබේ. එසේම මේ වෙදකම ‘පිට නො දෙනු’ යන වගන්තියද පුස්‌කොළ පොතේ ලියා ඇත. වසර හත්සීයක්‌ තරම් පැරණි මෙම පාරම්පරික වෙදකමේ වර්තමාන හිමිකරු වන්නේ මේ වන විට වයස අවුරුදු 90 කට ළංවී සිටින මැදියාවේ ඩී. එම්. ටිකිරි බණ්‌ඩා වෙද මාමාය. වෙද මාමා සිටින්නේ එප්පාවලට නුදුරු ‘මැදියාව’ ගමේය. බොහෝ අය බස්‌රියකින් එප්පාවලට පැමිණ ත්‍රිරෝද රථයකින් මැදියාවේ වෙද මාමා සොයා යති. මා අත්දුටු හැටියට මේ වෙදකමේ බැරූරුම් දෙයක්‌ සිදුවන්නේ නැත. වෙද මාමා මෙසේ කීය.

වඳබව කාන්තාවන්ට පමණක්‌ නොව පිරිමින්ට ද තිබේ. එවැනි විවාහයක එක්‌ අයකු හෝ වඳභාවය ලබා ඇත්නම් ඒ පවුලට දරුවන් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කාන්තාවන්ට සිදුවන තනිකම් දොaෂය ශරීරයේ අධිකතම උෂ්ණය වයස 35 ට වඩා වැඩිවීම වැනි හේතූන් නිසා දරුඵල අහිමි වේ. තනිකම් දොaෂයට පුංචි සාත්තුවකින් අතේ නූලක්‌ බැඳීමෙන් ද ශරීරයේ අධික උෂ්ණයට ශරීරය නිවෙන්නට බෙහෙත් දීමෙන් ද දරුඵල ලබාගත හැකිය. මෙය ඉතාමත් සරල වෙද කමක්‌ පිරිමින්ට ද අභ්‍යන්තර ශරීර දොaෂ තිබේ. ඒවාද ඖෂධ මගින් සුවකළ හැකියි. වරක්‌ හෝ දෙකක්‌ ප්‍රතිකාර ලබා ගැනීමෙන් දරුඵල ලබාගත හැකි බව වෙද මාමා කියයි. දුර බැහැර සිට එන අය කලින් කතාකොට දිනයක්‌ ලබාගැනීම සුදුසුබව වෙද මාමා කියයි. වෙද මාමාගේ දුරකථන අංකය මෙසේය. 025-2249342

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

ඔබත් දිනපතා කෙසෙල් ආහාරයට ගන්නවා ද? එහෙනම් මේ දේත් දැනගනම ආහාරයට ගන්න.

කෙසෙල් යනු අපේ රටේ අවුරුද්දේ ඕනෑම කාලයකදි ඕනෑම ප්‍රදේශයකදි දැකගත හැකි කව්රුත් ප්‍රිය කරන රසවත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!