page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / සුව අරණ / cancer / පියයුරු පිළිකා වැලදීමට බලපාන මූලික හේතු මෙන්න – සෑම කාන්තාවක්ම අනිවාරෙන්ම බලන්න

පියයුරු පිළිකා වැලදීමට බලපාන මූලික හේතු මෙන්න – සෑම කාන්තාවක්ම අනිවාරෙන්ම බලන්න

පිළිකා රෝගීන් ඉතා වේගවත් ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. වසරකට ඇමරිකාවේ පමණක්‌ ලක්‍ෂ දෙකක්‌ පියයුරු පිළිකා රෝගීන් හඳුනාගනී. ඒ නිසාම පියයුරු පිළිකා සම්බන්ධයෙන් අපද සැලකිලිමත් විය යුතුය. පියයුරු පිළිකාවල රෝග කාරක ලක්‍ෂණ වශයෙන් කිසිවක්‌ දක්‌නට ලැබෙන්නේ නැති වුවත් බොහෝ කාන්තාවන් විසින්ම තමන්ගේ පියයුරු වල ඇතිවන්නා වූ වෙනස්‌කම් සොයා ගනු ලබයි. ඒ අතරින් වේදනාවක්‌ නොමැති ගැටිත්තක්‌ පියයුරු වල ඇති බව. පියයුරුවල ප්‍රමාණය (Size) හෝ හැඩයෙහි (Shape) වන්නා වූ වෙනස්‌කම්. කිහිලිවල ඇතිවන්නා වූ ඉදිමීමක්‌ (Swelling in thee armpit), තනපුඩු වල ඇතිවන්නාවූ වෙනස්‌ වීමක්‌ හෝ කිසියම් ද්‍රව්‍යයක්‌ පිටවීමක්‌ (Change or discharge) දක්‌නට ලැබීම කිහිපයකි.

පියයුරුවල ඇතිවන්නාවූ වේදනාවක්‌ ද පියයුරු පිළිකා ලක්‍ෂණයක්‌ විය හැකිය. නමුත් එය නිතරම දකින්නට පුළුවන් කමක්‌ නැත. (Not Common) පියයුරු පිළිකා විශාල වන්නට ප්‍රථමයෙන් සොයා ගැනීම ඉතාමත් වැදගත්ය. එය ප්‍රතිකාර කිරීමටද පහසුයි. මේ සඳහා පරීක්‍ෂණ කිහිපයක්‌ (Mammograms, X-ray, CT-Scan) මගින් පිළිකා රෝගී තත්ත්වයක්‌ ඇතිවී තිබේද යන්න දැන ගැනීමට පුළුවනි. ඇමරිකානු පිළිකා සංගමයට අනුව අවුරුදු 40 සම්පූර්ණ වූ කාන්තාවන්ට මැමෝ ග්‍රෑම් පරීක්‍ෂාවක්‌ කිරීම (Mammogram) ඉතාමත් වැදගත්ය. ඒ වගේම එක්‌සත් රාජධානියට අනුව අවු. 50 සිට 74 දක්‌වා වන කාන්තාවන්ට සෑම අවුරුදු 2 කට වරක්‌ එම පරීක්‍ෂණයක්‌ කිරීම වැදගත් බව ප්‍රකාශ කර තිබේ.

දිනපතා මෙවැනි දේවල් දැනගන්න එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

නිවුන් දරුවන් හැදනේනේ කොහොම ද? නිවුන් දරු උපතක් සිදුවන්නේ මෙහෙමයි..

කාන්තාවකට නිවුන් දරුවන් පිහිටන්නේ කෙසේද ? නිවුන් දරුවන් දෙදෙනකුට වඩා හට ගන්නේ කෙසේද ? නිවුන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!