page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / දුරාචාර අතහැර සතර පෝයට සිල් ගන්නවානම් සැමියාට ඇප දෙන බව බිරිද පවසයි :)

දුරාචාර අතහැර සතර පෝයට සිල් ගන්නවානම් සැමියාට ඇප දෙන බව බිරිද පවසයි :)

කසිප්පු පෙරීමට යොදාගන්නා ගෝඩා බෝතල් 13 ක්‌ සමඟ හසු වූ පුද්ගලයාට ඇප දීමට පොලිසියට පැමිණි එම සැකකරුගේ බිරිඳ විසින් මෙවැනි දුරාචාර කටයුතු අතහැර සතර පෝයට සිල් ගන්නේ නම් පමණක්‌ තමා ඇප ලබාදෙන බවට ප්‍රකාශ කිරීමෙන් පසු වැරදි පාරේ යමින් සිටින සැකකරු බිරිඳගේ කොන්දේසියට හිස නැමූ පුවතක්‌ සියඹලාණ්‌ඩුව පොලිසියෙන් වාර්තා වේ.

වාර්තා වන අන්දමට එම සිද්ධිය මෙසේය.

සියඹලාණ්‌ඩුව පොලිසියට අලුතින් පත්ව ආ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියන්ත බණ්‌ඩාර මහතා තම බලප්‍රදේශයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර මත්පැන් හා මත්ද්‍රව්‍ය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.

සියඹලාණ්‌ඩුව කොට්‌ඨාසයේ ප්‍රසිද්ධ පැරණි රාජධානියකට අයත් ගම්මානයක පුද්ගලයෙක්‌ ගෝඩා බෝතල් 12 ක්‌ සමඟ ඉකුත් දිනක පොලිසියට කොටු විය.

සැකකරුගේ බිරිඳ ධාර්මික ජීවියක්‌ ගතකරන උපාසිකාවකි. ඇය සතර පෝයටම සිල් සමාදන් වන්නීය. ප්‍රධාන පෝයට සිල් සමාදම් වීම සඳහා ඇය යන්නේ කැලණිය විහාරස්‌ථානයටය. ඉකුත් පොහොය දින ද ඇය සුපුරුදු පරිදි කැලණියට ගියාය. ආපසු නිවසට පැමිණි පසු ඇයට දැනගැනීමට ලැබුණේ සැමියා පොලිස්‌ කූඩුවේ කියාය. පොලිසියේ කැඳවීම මත සිය සැමියාට ඇප දීමට සිදුවිය. එහෙත් ඇයගෙන් සැමියාට කොන්දේසියක්‌ පැනවිණි. සියලු දුරාචාරවලින් ඉවත් වී සතර පෝයටම සිල් ගෙන ධාර්මික ජීවිතයක්‌ ගතකළ යුතුය යන්න ඇයගේ කොන්දේසිය විය. වෙන කළ යුතු දෙයක්‌ නොමැතිකමින් ඔහු කොන්දේසියට එකඟ විය. දැන් එම පුද්ගලයා ධාර්මික ජීවිතයකට හැඩගැසී ඇතැයි දැනගන්නට තිබේ.

සියඹලාණ්‌ඩුව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ හොඳ සිතුවිලිවලින් මිනිස්‌ චර්යාවන් යහමඟට ගැනීම තුළින් තමාට ද පුණ්‍යකර්මයකට දායක වීමට හැකිවූ බවයි.

Check Also

පෙම්වතා විවාහ කර ගන්න ඕනි නිසා පෙම්වතා අතවර කළා යෑයි පොලිසියට බොරු පැමිණිල්ලක්‌ කරලා

සිය පෙම්වතා විසින් තමන් දූෂණය කළ බවට බොරු පැමිණිල්ලක්‌ කළ තරුණියක්‌ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!