page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මීපිටියේ ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලයි – තරුණියන් 7ක් දෙනෙක්‌ අත්අඩංගුවට

මීපිටියේ ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලයි – තරුණියන් 7ක් දෙනෙක්‌ අත්අඩංගුවට

කෑගල්ල නුවර ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා මධ්‍යස්‌ථානයක්‌ කෑගල්ල පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ පෙරේදා (19 දා) පෙරවරු 11.45 ට පමණ වටලා සැකකාරියන් තිදෙනකු හා සේවය ලබා ගැනීමට පැමිණි 04 දෙනකු සහ ගංජා මිලි ග්‍රෑම් 950 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස 54, 40 සහ 50 වයස්‌වල පසුවන ගම්පොල, මීපිටිය, ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස 23, 18, 28 වයස්‌වල පිළියන්දල, ගම්පොල සහ මීපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකර කෑගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඊයේ (20 දා) ඉදිරිපත් කිරීමට නියමිත තිබුණි.

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!