page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / අවුරුදු 45ක පුද්ගලයෙක් කොළඹ සංඝරාජ ප‍්‍රදේශයේ දී දැරියක් දූෂණය කරයි – දැරියට 14යි

අවුරුදු 45ක පුද්ගලයෙක් කොළඹ සංඝරාජ ප‍්‍රදේශයේ දී දැරියක් දූෂණය කරයි – දැරියට 14යි

අවුරුදු 14ක් වයසැති බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීම සහ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන යාම යන චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 15ක සිරදඩුවම් නියම කළා.

ඒ මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එමෙන්ම විත්තිකරුට රුපියල් 15,000ක දඩයක් නියම කළ විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් තවත් වසර 02ක සිර දඩුවම් නියම කළා.

ඊට අමතරව මෙම දැරියට රුපියල් ලක්ෂ 02 වන්දියක් ගෙවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් තවත් වසර 04ක සිර දඩුවම් ලබාදෙන බවයි ප්‍රකාශ කළේ.

මෙලෙස දඩුවම් නියම වූයේ අවුරුදු 45ක් වයසැති කොළඹ සංඝරාජ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකුට වන අතර ඔහු 2009 වසරේදී මෙම අපයෝජනය සිදු කර තිබෙනවා.

Check Also

ඔසප් රුධිරය දැක මිස් බැනපු නිසා ජීවිතය නැතිකරගෙන

ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් තමිල්නාඩු දැරියක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!